Wednesday, January 27, 2010

ජනපතිවරණයට අදාල නුවරපාර අන්තිම ලිපිය

2009 ඔක්තොම්බර් මාසයේදි හා හා පුරා නුවර පාර නම් වු බ්ලොගය අරබන විට එයට තිබු මුලක අරමුණ "ඇයි නුවර පාර" යන ලිපියෙන් බැලීමට පුලුවන්. එවන විට කිසිදු දේශපාලන අදහසක් නොතිබුණු නුවරපර හදිසියේ ඇතිවුණු ජනපතිවරණයත් සමගම, යම්කිසි කර්යය භර්යයක් මෙමගින් කල හැකියි යන දැඩි විශ්වාසය මත ජනපතිවරණයේට සිංහල ලිපි ලියන්නට පටන්ගත්තේ මහින්ද මහත්තයාට සහාය වන අන්දමටය. ඉතා කෙටි කලක් හෙවත් ජනවාරි මස තුල ලියන ලද බොහෙමයක් ලිපි තුලින් සිංහල පාඨකයන් වෙත ඉතා ඉක්මනින් සමීප වු නුවරපාර හැකි උපරිමය මහින්ද වෙනුවේන කලේය.

දේශපාලකියන්ට කඩේ යමෙන් නුවර පාර ලියන ලියුම් කරැට ලැබුනු ලාබය වුයේ, සෑම මසම අන්තිමට ලැබෙන් අන්තර්ජාල බිල් පත හෙවත් දුරකතන බිලත්, විදුලි බිලත්, මහන්සියත් පමණි. මහින්දත් මාව නොදනී, එලෙසම ඔහු පියවි ඇසින් තවමත් දැක නැත. එහෙව් නොදැකපු පුද්ගලයෙකු හට වැඩි වැඩියේන කඩේ යාම සිදුකරනු ලැබුවේ, මා විශ්වාස කල අන්දමට රට එකීය බවට පෙරලු මොහුම ඊලග නායකයා වියු යුතුම යැයි දැඩි අදහස මතමය. සමහර විට ඔබට ඒ පිළබදව ගැටලුවක් ඇතත්. එය මා පැත්තේන් මා ගත් ඉතා නිවැරදි තීරනයක්ම වෙයි.

මාගේ කර්ය දැන් සපත වි ඇත. එම නිසා දැන් මෙම ජනපතිවරණය හා මා කඩේ ගිය විදිහ දැන් කතා කර වැඩක් නැත. එත් බොහෝ දේනෙකුට එපිළබදව ගැටලු ඇති බව මා විශ්වස කරමි. මා මුලින් සිතා සිටියේ දිගටම මෙම අඩවිය දේශපාලන අදහස් දැක්විමට පමණක්ම යොදා ගැනීම වුවත්. නමුත් දැන් එ අදහස මට නැත. මන්ද යත්, රට වෙනුවෙන් යුතු කලව තිබු යුතුකම මා දැන් කර හමාරය. වෙන අයකුට එය වැරදිදෙයක් ලෙස පෙනීමට ඉඩ ඇත. තවදුරටත් දේශපාලනයට අදාලව කතා කීරිමට තරම් හිතට එකගව කඩේ යා හැකි, දේශපාලන පක්ෂයක් නැති බව අද දින වඩාත් පත්‍යක්ෂය විය. එම නිසා තව දුරටත් නුවර පාර දේශපාලනයට අදාල ලිපි නොලියමි. එහෙත් යම් කිසි මොහොතක රටට තර්ජනයක් වන නඩයක් එකට පෙල ගැසුනොත් නැවත වරක් නුවර පාර තම කර්යය ඉටු කරනු ඇත.


ඊලග මාසයේ සිට නැවත සුපුරැදු ලෙස..... මසකට දේශපාලනයෙන් තොර ලිපි කිහිපයක් දැමිමට අදහස් කරන්නෙමි.

නුවර පාර අඩවිය තුල මෙතෙක් දැමු කසිදු කමෙන්ටුවක් හෙවත් සටහනක් සමග මාගේ පුද්ගලිකව කිසිම තරහක් හෝ වෛරයක් නැති බව ඉතාම නිහතමානි ලෙස කියන්නෙමි. එලෙසම ලියන ලද ලිපි වලින් යමෙකකුට සිත් වේදනාවක් ඇතිවුයේ නම් එවෙනුවෙන් සමාව අයද සිටිමි. එලෙසම මෙම අඩවිය සදහා ලිපි සැපයු මා හිතාදර පාඨකයින් හටත් මාගේ කෘතවේදීත්වය පල කරමි. ඔබ දැමු කමෙන්ටු ලිපි ලිවිමට වඩාත් ඉවහල් වු බව සතුටු සිතිනු කියමි.

නැවත හමු වෙමු

6 comments:

  1. anthimata mole padunata sathutui ban. uba kade giye nikamma nowei ban hathara athata mada gahamin... uba mahindata kade giya lipi tika aragena araliya gaha mandireta palayan ban. ubata mahinda janathipathi upadesaka kak deyi sure ekatama. nuwara paara witahrak nowei ban uba lankaawe okkoma paarawal tika keawa kiyala danenne me avurudu ata gewila yanakota. ethek ubata suba anaagathayak..

    ReplyDelete
  2. hik hik.. mu hariyata mu janathipathi wenna yana gaanata ne ban kade giye.. den ithin kade gihin mahansi ethine.. tikak wiweka ganin machan

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ඒත් උබේ ලිපි ටික පරිස්සම් කරල තියා ගනින් අයෙත් ඒ ගෙන අපිට ලගදිම කතා කරන්න වෙයි

    ReplyDelete
  5. නුවරපාර = හරිපාරට

    ReplyDelete
  6. මම ද නුවර පාරෙන් ‍මෙවර ජනාධිපතවරණයේදී මහින්ද රාජපක්ස මහතාට සහාය වන අන්දමට ලිපියක් හා තිබූ ලිපිවලට මාදේ අදහස් කිහිපයක් ද පලකලෙමි. එය යම් අයෙක් කඩේ යාමක් හෝ රෙදි සේදීමක් ලෙස හුවා දැක්විය හැක. නමුත් මා එය සලකන්නේ අවශ්‍ය වෙලාවේදී රට වෙනුවෙන් යමක් කලහැකිව තිබියදී කල කාර්යක් ලෙසිනි. මන්ද මහින්ද යනු මාගේ නෑදෑ‍යෙක් හෝ සහෝදරයෙක් හෝ යහලුවෙක් හෝ හිතව‍තෙක් හෝ නොවන බැවිනි. මා ඔහුව සැබවින් දැන නැත. ඔහු හා කතා කොට නැත. නමුත් ඔහුගේ වූ අපේ කම හැදින ගතිමි. ඔහුව මට දැනෙනුයේ මගේ අයෙක් ගානටය. මන්ද ඔහු නිරන්තරයෙන්ම රට වැසියාට සමීප වන හෙයිනි.

    මහින්ද ඔබ සැබෑ ලාංකිකයෙකි. ඔබට සදා ජය

    ReplyDelete