Friday, January 29, 2010

සිංහල බ්ලෝග් කරනයේ සීමා මායම්

දැනට සිංහල බ්ලෝග් කියවනය තුල අඩවි 607 ක් දක්වා තිබෙයි. මෙයින් බොහෙමයක් පුද්ගලික නම් වලින් පවත්වාගෙන යන අතර සමහරක් ඉතා ආකර්ෂණිය නම් වලින්ද, තවත් අයෙකු අනියම් නම් වලින්ද, නුවර පාර වැන්නවුන් පුද්ගලිකත්වය වසන් කරමින්ද තම බ්ලොග්කරනය ඉදිරියට කරගෙන යයි.

මෙතුල සමජයේ විවධ වයස් මට්ටමම් වල අය තම අදහස් ඉදිරිපත් කරයි. ඔය අතර හමුවු කුඩාම වයසේ සිටින සිතිජ ඉම හා ෴ කිරි පැංචාගේ ලෝකය ෴ හැදින්විමට පුලුවන. එලෙසම වැඩිහිට අයකුගේ අදහස් දැක්වෙන මීදුම The mist පැහැදිලිව හදුනාගත හැක. ඔය අතර සිටින බොහෝ අයවලුන් වනුයේ තරණ පෙල හෙවත් විශ්ව විද්‍යල හෝ උසස් අධ්‍යපනය ලබන පිරිසයි. පාසල් ලමුන්ද නැතුවාම නොවෙයි. පාඨශාල අතරින් නුවර පාර ඉතා ඔනැකමින් බලන සුදාරකගේ අන්තර්ජාල සටහන කාගේත් අවදානයට ලක්වු අඩවයක් යයි අමුතුවෙන් කිව යුතු නොවෙයි. තවද බොහෝ දෙනකු යොමු වි ඇත්තේ තාක්ෂනික දැනුම ලබා දීමටයි. ඔය අතර කිසිම අධ්‍යයනකින් තොරව අන්තර්ජාලය තුල තිබෙන තාක්ෂණික කරැනු එලෙසම සිංහලට පරිවරත්නය කරන අයද සිටියත්, ඔවුන්ට කරැණු පහදා දී එයින් මුදවා ගත් අවස්තාද දැක ගත හැකිවිය.

ආගමික වශයෙන් නොදන්නා දේ දැන ගැනීම පිණිස අච්චාරු හා DhammaMedicine ඉතා වැදගත් යයි සිතමී. එලෙසම හමු වු විවිධ වු සිංහල අඩවි අතර බයිස්කෝප් සිංහලෙන් යන්න ෆිල්ම් වලට හිතැති අය යන එන තැනක් වෙයි. කතන්දර කාරයාගේ කතන්දර මෙන්ම පොඩ්ඩන්ට බූන්දි | Boondi for KIDS ද කුඩා ලමුන් අතර ප්‍රචලිතයයි සිතමි. විදේස් රටවල සිට තම අත්දැකීම සටහන් කරන කිහිපයක්ද තිබුණු බව අතිශෝක්තියක් නොවෙයි. අහස සොයා යන www.SkyLk.com තාරකා විද්‍යව පිලිබද උනන්දුවන්නන්ගේ අවදානය යොමුව ඇතැයි සිතමි. ඉංගිරිසිය කියාදිමට ලගදි එකතුවු ඉංගිරිසි Ingirisi තවත් භාෂාවක් නිවැදිව හදුනාගැනිමට ඉවහල් වනු ඇත. ශාකුන්තලගේ සටහන් පොත සටහන තාක්ෂනික හා රසවත් තොරතුරැ සපයන කාගේත් අවධානය යොමුකරගත්තා මෙන්නම දුකා.. කාගෙත් හිත් දිනාගත් සිංහල බ්ලොග් ලියන්නකු බව ඉතා පැහැදිලිය.පිස්සාගේ ලෝකය අපව නවලෝකයකට රැගෙන යන අතර, සෑම බ්ලොගයක් හාරහාම ගොස් යම් දිරිගැන්විමක් බොහෝ ලෙස කරනුයේ පිස්සාගේ ලෝකය , වැප් ,"බිඟු නද",දුකා.. බව කවුරැත් අවිවාදයෙන් පිලිගනු ඇත. මාරයාගේ හෝරාව ගෙන ආ ලියුම් කරැද අලුත් දෙයක් සිංහල බ්ලෝග් කරනයට එක් කලේය. කාන්තා පාර්ෂවයේ එක්විම පෙන්වමින් රෝස වලාකුළු දැක්විය හැක. තව බොහෝ අඩවි ඇතත් නුවරපාරේ මතකයේ හොදින් රැදුනු අඩවි වනුයේ ඉහතින් සදහන් කල එවා වුවත්, තවත් හොද අඩවි ඇතැයි සිතමි.

තවද හෙදියක [එකේ වාට්ටුව ] විසින් ලියන ලද හා කෘෂිකර්මය [NUWAN's lane ] හා සම්බන්ද අඩඩි දෙකක් හමුවුනත් එහි බැදි හමු නොවුනු බව ඉතා කනගාටුවෙන් කියමි. පොඩ්ඩ කා අතරත් අන්දොලනාත්මක ලිපි ලියු අයකි. මලිගේ සටහන් මතක තිබුණත් අඩවි බැදිය සොයාගැනිමට නොහැකි විය. කිවි සිතුවිලි එක් කල අඩවි පල කල අයද කාටත් මතක ඇත.

විවධාකර වු සිංහල බ්ලොග් අඩවි, සිංහල භාෂාව හසුරැවන්නේ විවධ වු ආකාරයටය, සමහරක් ඉතා ලෙන්ගතුවද, තවත් අය කීමට ඇති දේ කෙලින්ම පැවසීම සදුහා පමණක්ද, තවත් අයෙක් ඔය දෙකම එතුවක් ලෙසද,ව්‍යයංගයද, තම රචනය කරගෙන යයි. එයින් පෙනියනුයේ කිසිදු සිමා මයිමක් නැතිව තමාට රිසි සේ තම ලිවීම කරන බවයි. එය සිංහල බ්ලොග් කරනයට අවශ්‍යය දෙයකි, මන්ද යත් විවිධ වු ලිපි විවධ රසාස්වාදයක් ගෙන දෙයි. තවද බොහෙමය් දෑ ලියවුනුයේ කාටත් තෙරම් ගත හැකි ඉතා සරලවය. තවද සම්බාව්‍ය ගනයේ, මටද තේරැම් ගත නොහැකි සමහර ලිපිද ඔය අතර නැතුවාම නොවෙයි. බොහෝ අය උත්සාහ දරැ ඇත්තේ තමාට වෙන්වු අනන්‍යතවයක් ගොඩනැගීමට බව ඉතා සතුටින් කියමි.

සිංහල අඩවි ආක්‍රමනය කල යුතු තවත් බොහෝ දිශානතියන් ඇත. තවමත් ගොඩනැගෙමින් පවතින සිංහල බ්ලෝග් කරනය එම පෙදේස්ද ඉක්මනින් අවරණය කරනු ඇතැයි සිතමි. එහිදි කිසිම රමුවකට හෝ සීමවකට යට නොවි තම අදහස් ඉදිරිපත් කල හැකිනම්, සිදු විය යුත්ත එයමවනු ඇත. සීමා මායිම් නැති, කාටත් එකට සිට කියවිය හැකි, අපිට පහසුවෙන් තෙරැම් ගත හැකි ලිපි කාගේත අවධානය යොමු විම නිසැක කාරනාවකි.

ඔනෑකමින් ස්තුති කරනුයේ පරිගණක ක්ෂේත්‍රය තුල තම රැකියව නොකර, එහෙත් සිංහල බ්ලොග් කරනයට එක්වු අයටයි. මන්ද යත් විවිධාංගීකරනය මෙතුලට ඇතුලු වුයේ ඔවුන් නිසාමය.

පසුව ලියමි.

දැක්වු සටහන් මත නොලැබුණු බැදි යාවත්කාලීන කරන ලදි. නමුත් සුපන්ගේ හා රෝස වලාකුලුවල නිවැරදි බැදි හමු නොවිනි. මට හමු නොවුනු කාගේත් අවදානයට යොමුවු බ්ලෝග් අඩිවි ඇති බව ඔබ දැමු සටහන් වලින් පෙනී යයි.

ශාකුන්තල / .::පිස්සා::. සදහන් කල අඩවි තුනම මට මග හැරි තීබිමට හේතුව එවා දැන් යාවත් කාලින නොවන නිසා යයි සිතමි. නවක වදය ගැන ලිපිය ඉතා වටිනා හා නොදත් දේ සමාජ ගත කල ලිපියකි. කිව්වා සේ බොරැවට ආවැඩිමෙන් පලක් නැතුවා සේම වැරදි, කියන දේ කේලින්ම සටහන් කිරිම ඉතාම වටිනා බව පවසමි.

ගයාන් තාරක/rock3r - ඔව් අලුත් අයට හොදලිපි පෙලක් හොයාගත හැකි වුනත් මටත් මග ඇරැනු දේ ඇති බව කිව යුතුමය

ඉශාන් තිළිණ - ඔව් එම නිසාමයි මට එම අඩවිය මග ඈරි ගියේ / කියු අඩවි දෙක තවමත් වැඩ නැත. මන්ද නිවැදි බැදි හමු නොවිණි.
roylyfernando -දැනුවත් කීරිම පිලිබද ස්තුති වෙමි
ත‍රිඳු / ~බිன்ku~ - ප්‍රතිචාරයට ස්තුතිය
මාරයාගේ හෝරාව - ඔව් අනිවර්යයනේම වැඩි අවදානයක් මෙන්ම, ලියන දෙයින් පාඨකයන්ට උපරිම දෙයක් දෙන්න බලන්න, එවිට කගෙත් මතකයේ රැදුනු අයෙක් වෙයි. එලෙසම, වෙනස කොපමණදුරට සාර්තක වේදැයි නොදනිමි.

19 comments:

  1. එළ!

    මම සිංහල බ්ලොග් කියවන කාලය තුළ දැක්ක සුවිශේෂී අඩවි දෙකක් පෙන්නන්නම්. හැබැයි අපේ (පාඨකයින්ගේ) අවාසනාවට මේ අඩවි දෙකම දැන් update වෙන්නෙ නෑ.

    මම දන්න තරමින් ලාබාලතම සිංහල බ්ලොග්කරු >> http://vidura-rule.blogspot.com/

    මම දන්න තරමින් වයස්ගතම සිංහල බ්ලොග්කරු >> http://hpr-mycertainty.blogspot.com/

    මේ තවත් ඒවා දෙකක්,

    මලීගෙ බ්ලොග් එක >> http://abnormalminds.blogspot.com/

    මට මේ දක්වා කියවන්න ලැබුණු බ්ලොග් අඩවි වලින් ඉතා ම නිර්භීත ලෙස අදහස් ඉදිරිපත් කළ බ්ලොග් අඩවිය (නවකවදය ගැන ලිපිය බලන්න) >> http://deepsgelokaya.blogspot.com/

    මේ බ්ලොග් අඩවි වල දකින්න තියෙන සුවිශේෂීම දේ තමයි වෙනස නිසා කෙටි කලකින්ම ජනප්‍රිය වීම.


    --
    මගෙ බ්ලොග් එක ගැන දීල තියෙන intro එකටත් තැංකූ.. :) හැබැයි මට නම් ගොඩක් කාලයක් ගියා යා යුතු හරි මග හොයාගන්න.

    ReplyDelete
  2. මොනව උනත් වැදගත් ටික එක්තැන් කරල ලියපු එකනම් හොදා! එළ වැඩක්!!

    ReplyDelete
  3. හොඳ වැඩක්, මම Sinhala Bloggers සංසදයට අලුත්. මෙම ලිපිය මට ඉතා ප්‍රයෝජනවත්.
    ස්තූතියි

    ReplyDelete
  4. deepsගේ සයිට් එක ලඟදි update උනේ නම් නෑ මම දන්න විදියට :(

    ReplyDelete
  5. සුදාරකගේ අන්තර්ජාල සටහන link එකත් වැඩ නෑ

    ReplyDelete
  6. "තවද හෙදියක විසින් ලියන ලද හා කෘෂිකර්මය හා සම්බන්ද අඩඩි දෙකක් හමුවුනත් එහි බැදි හමු නොවුනු බව ඉතා කනගාටුවෙන් කියමි"

    මම හිතන්නේ මේ දෙක වෙන්න ඕනා ඔය.

    එකේ වාට්ටුව - හෙදියක විසින් ලියන

    NUWAN's lane - කෘෂිකර්මය හා සම්බන්ද


    බයිස්කෝප් සිංහලෙන් අඩවිය ගැන කිව්වටත් ස්තූතියි. :)

    ReplyDelete
  7. අප්පා.. උඹ මාව Highlight කරලානේ.. තැන්කූ වේවා!!!

    බ්ලොග් අඩවි වල ගුනාත්මය රැක ගන්න නම්, මමත් කැමතියි පොඩි යෝජනාවක් කරන්න...

    ලියන එකා, ලියන හැමදේකටම ආවඩන්නේ නැතුව, කමෙන්ට්ස් දාන උදවිය ටිකක් එඩිතරව කමෙන්ට් කරන්නත් පටන් ගත්තොත්, මම හිතන්නේ අපිට තව අවුරුදු 2-3කින් මීට වඩා ගුනාත්මයෙන් ඉහල බ්ලොග් දකින්න පුළුවන් වෙයි..

    මම 'යකාගේ පිස්සා' නිසා සමහර අඩවි වලට ගිහිල්ලා සමහර වෙලාවට ලියපු එක ගැන හිත රිදෙන්නත් කමෙන්ට් කරනවා.. කියන්න ඕනේ එක මූනටම කියනවා. සමහරු නම් ඒකට තරහාත් ඇති.. ඒත් වෙන්න ඕනේ, ඒක තමයි.. හැමෝම ඒක කරොත් අපි ගොඩ මචංලා...

    බ්ලොග් කරුවන් හැමෝන්ටම සුබ අනාගතයක්!!!

    ReplyDelete
  8. මාවත් සඳහන් කලාට ස්තූතියි. දේශපාලනීය නොවන වැදගත් ලිපි ලිවීමට ඔබට ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  9. ade muu pade wenas karala gahala. kade gihin den iwara nisa mama hithanne mu den sindiye kastiya up karala apahu potakata enan wage hadanne.. den ithin general election ekatath ubata kade yanan puluwan wei...

    ReplyDelete
  10. @පිස්සා,
    ආවැඩීමත් අවශ්‍ය වෙලාවන් තියෙනවා. හොඳම දේ හැකි අවස්ථා වලදි පමණක් 'කියන්න ඕනෙ දේ මූණටම කියලා' තැනට සුදුසු විධියට කමෙන්ට් කරන එකයි. මම මීට කලින් සිංහල බ්ලොග් අඩවියකට දාපු කමෙන්ට් එකක් තියෙනවා, බලන්න.

    http://wapnishantha.blogspot.com/2010/01/blog-post.html?showComment=1263744763204#c2368663223947107093

    ReplyDelete
  11. @ ශකූ- හෙ හේ.. උඹ ඉතිං හොද මලයා නොවැ.. ඒක ඇත්ත.. 100% එකඟයි.. හැමෝම එහෙම නොහිතන එකයි අවුල...
    අපි පටා,,,,,,,න් ගමු...

    ReplyDelete
  12. අගනා ලිපියක්!

    ReplyDelete
  13. ස්තූතියි මෙ පිළිබදවත් සටහන් කිරීම පිළිබදව.
    නමුත් ඔබගේ සටහන නිසාම මීට වඩා අවධානයකින් යුතුව බ්ලොගය පවත්වා ගෙන යා යුතුයැයි මගේ සිත මට කියයි...
    ඇත්තටම පසුගිය දිනවල වැඩ අධික වීම නිසාම හරි හමන් විදියට දෙයක් ලියන්නත් බැරි උනා...
    ආ... තව දෙයක් කිව යුතුයි.
    ඔබගේ ලිපි තුළින් නව වෙනසක් කරන්නට උත්සහ කරන බව දැනෙනවා...
    එයට මගේ සුභ පැතුම්

    ReplyDelete
  14. හික්.. පුදුමෙ කියන්නෙ මෙතන විරුද්ධ මතවාදීන්ට කිසිම තැනක් දීල නැති එකනෙ.. :D
    ඔබතුමා එන්නත් ‍කලින් මම දන්න තරමින් ආන්දෝලනාත්මක නමුත් වැදගත් ලිපි ලියපු දෙන්නෙක් තමා BeyondFrame සහ taboosubjects කියන්නෙ..
    අපිට නම් සිංහල බ්ලොග්කරුවො ඔක්කොම එකයි. කාගෙවත් විශේෂයක් නෑ.. හැමෝම සමාන සේවයක් කරන්නෙ..

    ReplyDelete
  15. @කණිය
    සමාවුව මැන, විරැද්ධ මතවාදින් යනු කවුරැන්ද? ඔවුන් කිනම් කරැනක් කරන කොට විරැද්ද වන්නේද? නුවර පාරට විරැද්ධ වාදින් සිට්ත්ද? ඇයි ඔවුන් විරැද්ධ වාදින් වනුයේ?

    ReplyDelete
  16. මම කිව්වෙ ඔබ ඉදිරිපත් කළ දේශපාලන මතයට විරුද්ධ මත ඉදිරිපත් කරපු අය ගැන. විරුද්ධවාදීන් නෙමෙයි.. විරුද්ධ මතවාදීන් කියලයි මම කිව්වෙ.
    ගැටලුවක් නෑ ඔබේ බ්​ලොග් එකේ ඔබට කැමති දෙයක් ලියන්න පුලුවන්.

    ReplyDelete
  17. @කිණිය
    ඔබ තාමත් දේහපාලණය කර තියාගේන යයි. මං එය 27 වෙනිදා උදේම බිම තැබුවෙමි. එහෙයන් එවා දැන් ඉතිහාසයට එක්ව ඇත. දැන් මට කිසිදු දේශපාලන හිතේෂිවන්ත කමක් නැත. එහෙයින් එම වර්ගිකරනයෙන් නුවර පාර ඉවත් කරනමෙන් ඉතා කාරැණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  18. දේශප්‍රේමියාFebruary 1, 2010 at 10:15 PM

    මේ.. ඔයා පහුගිය කාලෙ කලේ රෙදි ගලවගෙන කඩේ ගිය එක නේද?
    අපිට ඒවා අමතක වෙන්නද මේ බටර් ගාලා වෙන වෙන ඒවා ලියන්නේ?
    අපිට ඒවා අමතක නෑ හොඳේ :D
    ඔහේලා කඩේ ගිහින් පත් කරගත්ත අය පිස්සු කෙලිනකොට අපි එනවා ඔහේ හම්බුවෙන්න.
    එතකං සුබ අනාගතයක් ! :P

    ReplyDelete