Saturday, January 30, 2010

මහා පරාක්‍රමබාහු රජ සමය 1153-1186


කරැණු හතරක් පදනම් කර, රට නිවැරදි දිශානතියට මෙහෙයවු අප ඉතිහාසයේ වීරත්වයෙන් කතාකරන පළමු පරාක්‍රමබාහු හෙවත් මහා පැරකුම් රජුගේ රජ්‍යය විචාල ආකාරය මෙසේ සිංහල බ්ලෝග් කරනය තුල සටහන් කරනුයේ මහත් වු අභිමානයකිනි.

පහතින් දැක්වෙනුයේ පැරකුම් රජු තම න්‍යයය කරගත් කරැනු හතරයි.
1.රට වැසිය සුඛිත මුදිත කිරිම
2.බුද්දාගම ස්තිර තත්වයට පත් කීරිම
3.මහා කුලීනයන් ආරකෂා කිරිම
4.යාචකයන් පෝෂණය කීරිම


රජ්‍යයට පත් විමෙන් පසු, තම පළමු කටයුත්ත ලෙස කරනු ලැබුවේ, රජ්‍ය අනුග්‍රහයට පත්විය යුත්තන්ව සුදුසු තනතුරැවල පිහිටුවිමයි. මාහා දානයක් හා තැගි බෝග දිමද තම යුතුකමක් ලෙස සලකන ලදහ. රජ්‍යත්වයට පැමිනෙන තාක් කල් දුෂිතව පැවති ශාසනය පිරිදුකර පෞරාණික ක්‍රමය අනුව පොදුවැඩ පිළිවලක් සකසන ලදි. උදුම්බර ගිරි මාහා විහාරයේ මහා කාෂ්‍යිප මාහා ස්ථිවරයන් වහන්සේගේ උදව් හා උපදේස් මත, දුෂ්ශිල භික්ෂුන්ගේ සිවුරැ හැරදා, තුන් නිකායම සමගි කොට එක් නිකයක් බවට පත් කරන ගමන්ම, අලුත් සංඝාරමද ඉදිකරවු බව ගල්විහාරය අසලින් හමුවු සෙල් ලිපියෙන් සනාත කරයි. තවද විදර්ශාන දුරය වැඩිම සදුහාද පහසුකම් සැපයු බව එහිම සදහන් වෙයි. අවුරැදු පතා සිදුවන උපසම්පාද විනය කර්ම උත්සවය සහබාගිවි රජ්‍ය අනුමැතියද නොකඩවා ලබා දුනි. භික්ෂුන්ට බ්‍රහ්මණයන්ට හා රටවැසියන්ට රිසි සේ දානය ලබාගත හැකි දන්සාලා නගරය තුල පිහිටවුයේය. දක්ෂ වෛද්‍යවරයකු වු රජතුමා, ආරෝග්‍ය ශලා ඉදිකරනවාට අමතරව ඒ සැම ශාලාවකටම ගොස් තොරතුරැ විචාල බව සදහන් වෙයි.

වාස්තු විද්‍යව අතින් මහත් වු මෙයක් වු සමහක් ලෙස මෙම කාල පර්ච්චේදය හැදින්විමට පුලුවන. පොළොන්නරැව රාජධානිය තුල වු වෙහෙර විහාර, උයන් , පොකුණු මාලිගා මෙන්ම ආරක්ෂාව සදහා ඉදිකරන කොටු පවුතරත්, රජමාලිගත් ඉදිකරවු බව සදහන් වෙයි. ප්‍රාසාද භුමිය තුල නන්දන උයන කරවා, පළතුරැ මල් හා වෙන්ත ගස්වලින් ආඪ්‍ය කරනලද්දේ පරිසර හිතකමි රජේකු වු නිසාම යයි හැගි යයි. පරාක්‍රම සමුදුර එතුමාගේ උසස් නිර්මාණයකි. රජ්‍යය විචාන මුල් සමයේ දළදා වහනසේ රජු සතු නොවුනද, දළදා මන්දිරයක් කර එයට පුද පුජා පැවැත්වු බව සදහන් වෙයි. එලෙසම පොළොන්නරැවරට උතුරැ දෙසින් පිහිටි ජේතවානාරමයෙහිද දළදාව සදහා වටදාගෙයක් ඉදිකරන ලදි.

ලක්දිව ඇති අතිරමණිය පුරාවස්තුවලින් එකක් වන ගල්විහාරය හෙවත් උත්තාරාරමය එතුමගේ රජ සමයේ මෙරටට දායද කල මහගු වස්තුවක්ම වෙයි. එතුල, විද්‍යදර ලෙන/ වැඩඋන් පිළිම වහන්සේ ලෙන / ඔත් පිළිම වහන්සේ ලෙන නම් මනා ශෛලමය විහාරයක් කරවන ලදි. දකුණු කෙලවර වැඩ හුන් පිළිමය උසින් අඩි 15 ක් හා අගල් 2.5 කි. ඊලගටද ඇත්තේ වැඩහුන් පිලිමයක් වන අතර එය උසින් අඩි 4 යි අගල් 7 කි. ඉක්බිති නමා ගත් අත් ඇති හිටි පිළිමයක් වෙයි. කාගේ පිළිමයක් දැයි මත බේදයට තුඩු දි ඇති මෙය උස්න අඩි 22 ක් හා අගල් 9 කි. අවසනට ඇති සුවිසල් ඔත් පිළිමය දිගින් අඩි 49 යි අගල් 4 කි. දෙමළ මහා සෑය නමින් ස්ථුපයක් කරවිමට සැලසුම් කලත්,පසුව එම මහා සැලැස්ම අතහැර එම පේසා වලලු මතම කුඩා චෛත්‍යක් කරවා ඇත.

රජුගේ ධන පරිත්‍යගයෙන් රාජධානියට ඉතා ඇතින් ගොඩ නගන ලද ජේතවනාරාමය ගොඩ නැගිලි කිහිපයකින් සමන් විත විය
1.තිවංක පිළිමගෙය හෙවත් වර්තමාන උත්තරරාමය
2.වටදා ගෙය
3.ගලින් නෙලු නාන පොකුනු අට
4.ශාරිපුත්‍ර මහා තෙරැණ් සදහා සාදවන ලද හෙවත් චුල වංශයේ සදහන් කපිල විහාරය

තවද පූර්වාරමය හා ඇතුබදලෙන නම් විහාර කරවු බව සිංහල භෂාමය වංශකතාවල සදහන් වුවත්, එය චුලවංශය තුල සදහන් වි නොමැත. උසින් අඩි 11.5 ක් වු, අනාබද්ද රජ පිළිමයක් මෙ අසල ඇතත. මෙය මහ පැරකුම් රජුගේ යයි සලකනු ලබයි.

චෝලයන් විසින් විනාශකරන ලද අනුරපුරය නැවත පිලිසකර කිරිමද මෙරජ සමය සිදුවිය. රජ්‍යය පාලනයෙදි එකතු කරන බදු, වැසියන්ට කරදර නොවන මෙන්ම ආදයම් අඩු නොවන ලෙසද නියම කර තිබුණි. මෙකල රජ්‍ය පාලනය සදහා පදවි හෙවත් ඇමතිකම් 15 ක් අති කරන බැවි සදහන් වුවත්, සමහර පදිවි ඊට පෙරසිට පැවත එනු ඇතැයි උපකල්පනය කල හැක.

සෑම සතර පොහෝ දිනකම, වනගත හා වැව් අමුණුවල වෙසුනු මාලුන් හට අභය දානය ලැබෙන දිනයකි.

බුදුදහම මුලික කරගත්, රටේ සියලු රටවැසියන් මෙන්ම, ගහ කොළ සතා සිව්පාවටත් අවදානය යොමු කල රජෙක් ලෙස මහා පැරකුම් රජු අප ඉතිහාසය තුල විරත්වයේ පර්ච්චේදයක් සටහන් කර ඇත.

උපුටා ගැනීම් ලංකා ඉතිහාසය 1971

වර්තමානයේ අපේ ඉතිහාස ලෙස, විවිධ වු ඔප්පු නොකරන ලද හුදේක හිතලුන් පමණක්ම සමාජ ගත කීරමට උත්සාහ දරයි. අතිතය තුල එවා සෙල් ලිපි පොත් පත්වල ලියා තැබුණත් දැන් දැන් සියල්ල ජාල ගත වන බැවින්, නුදුරැ අනාගතය තම සාක්ෂි කොට ගනුයේ අන්තර්ජාලය තුල තබෙන ලිපි වනු ඇත. නමුත් දැන් දැන් එම ලිපි පලකරනුයේ තම තමුන්ට ඇවැසි විදිහට විවිධ වු වෙනස් කිරිම් වලට ලක් කරමිනි. ඉතින් වගකිව යුත්තෝ නිසි පියවර ගනු තෙක් මා මට හැකි අයුරින් අපේ ඉතිහාසය සුරැකිමට මෙසේ දායක වෙමි. අපේ ඉතිහාසය විකෘර්ති කිරිමට බොහෝ බටහිරයන් කැස කවන මොහොතක, එම වැඩේ උන්ට වඩා හොදින් කිරිමට මෙරට අතලොස්සක් දේනා සැදි පැහිදි සිටියි. එයට හේතුව මම නොදනිමි. අනෙක එසේ අලුතින් එක් කරන කරැනු වලට පැහැදිලි සාක්ෂි නැතත්, දැනට පවතින ඉතිහාසය බොරැ කියයි. තවද එලෙස අලුතන් එක් කරන කරනු වලින අපේ ඉතිහාසය කිසිම වැදගම්මකට නැති එවා බවම සමාජගත කිරමට යයි.

විදේශ් ජය ගත් අයුරැ ඉදරි ලිපියකන් බලාපොරොත්තු වන්න

පසුව ලියමි
ත‍රිඳු
ඇත්ත, යම් දෙයක් ලියනුයේ තමන්ගේ අභිමතයට පරිදිය. එමනිසා රාමායණය ලියු කතුවරයා මෙන්ම, මහාවංශය හා චුලවංශය මෙන්ම අනික් ඉතිහාස කාව්‍යත් යම් නැඹුරවක් ඇතැයි අපට පිළිගත හැක. නමුත් එතුල යම් කිසි සත්‍යයක් ඇතැයි අපිට කිව හැකිවනුයේ, සෙල් ලිපි මගින් කියු කරැනු සනාත වන විටය. තව දෙයක් වුනුයේ අපේ ඉතිහාසය තුල විරැවන් ලෙස දක්වා ඇති රජවරැන් නිකම්ම නිකම් රජවරැ බවට පත් නොකල යුතුය. මන්ද එවා සත්‍ය වුවත් අසත්‍යවුවතු එවහි මනාවු සහිත්‍යයක් ඇත. එය අනාගත පරපුරට අප ඉතිහාසය මෙසේ යයි උදම් ඇනිමට ඉවහල්වනු ඇත. නමුත් අතිතයක් පිළබද බොරැ ඉතිහස පොතක්වත් නැති බටහිරයන් අපේ ඉතිහසාය වැරදි බව එත්තු ගැන්විමට බොහෝ දත කයි. එවාට හසු වන මෙරැටියනුත් නොඅඩුව ඇත. අතිතය එසේ වු බැවින් අනාගතය මෙසේ කල යුතු බව එවිට ඔවුන් සිතාවි.

ඔබගේ සතුට පල කිරිම පිළිබද කෘතගුණ වෙමි. ඒ අතර මෙලිපිය ලිවිමට හේතුවු කරැනු ඔබට වැටහි ඇතැයි සිතමි.

1 comment:

  1. බොහොම අගෙයි. ඔබ මේ යොමු වන නව දිශාව ගැන මගේ අපරිමිත සතුට. දැනට අප ඉගනගෙන ඇති, දන්නා ඉතිහාසය සම්පූර්ණ්යෙන්ම ප්‍රතික්ෂේප කරන්නෙ නැති උනත් මම ඒ දිහා බලන්නේ විචාරශීලී මනසකින්. රාමා දේවත්වයට පත් කිරීමට ලියූ රාමායණය මෙන්ම දුටුගැමුණු රජු හා පැරකුම් රජු වීරත්වයට පත්කිරීමට ලියූ මහාවංශය හා චූලවංශය එකම අච්චුවේ බව මගේ පෞද්ගලික මතයයි. ඒ උනත් පසුව සඳහන් ග්‍රන්ථ සත්‍යයට වඩා ලංවන්නේ බෞද්ධ භික්ෂුන් ලියූ නිසා විය හැකියි. සත්‍යබව ඔප්පු කිරීමට හෝ අසත්‍යයැයි ප්‍රතික්ෂේප කිරීමට මගේ ඉතිහාසය පිලිබඳ දැනුම මදි. ඒ නිසා විවර මනසකින් පසුවන අතරම මේ වැනි ලිපි ඉතා අගය කරනවා. ඊලඟ කොටස පලවෙනකම් මම බලාගෙන ඉන්නවා

    ReplyDelete