Tuesday, January 26, 2010

දැන් ඉතින් රට හදමු

අයිත් අයිත් කියන්න දෙයක් නැහැ. දැන් ඉතින් තියෙන්නේ හයවන ජනපති විදහට පත්විමට නියමිත මහින්ද රාජපක්ෂ මහත්තයගේ ඉදිරි සංවර්ධන වැඩ පිලිවෙල යතාර්තයක් බවට පත් කිරිමයි. මහින්ද ච්න්තනයේ ඉදිරිදැක්මට අනුව ඔවුන්ගේ බලාපොරොත්තුව, ආසියාවේ ආචෛර්යය විදිහට ලංකාව ඔසවා තැබිමයි. දැනටමත් ඒ සදහා අවැසි අඩිතාලම පහුගිය අවු 4 තුල පවතින සත්‍යක් බවට පත් කර හමාරයි. අපිට විශ්වාසයක් තියාගන්න පුලුවන් මහින්දට මෙ වැඩේ කරන්න පුලුවන් කියලා, මොකද බැහැ බැහැ කියපු යුද්දයට නිසි නායකත්වය හා මගපෙන්විම මගින් එය ජයමාවත කරා රැගේන ගියේ කාටව්ත විශ්වාස කරන් බැරි තරම් කෙටි කාලයක් තුල. එම කර්තවයය සදහා ඔහු නිවැරදි පුද්ගලයන් තොරගනිමට ඔහුගේ නායකත්වයේ උතුම්ම ලක්ෂනය විදාහලුවේය.

අනිත් කර්යයන් හමුවේ යම් යම් පසුබැම් තිබුණත්, අපගේ මුලික අරමුණ ඉටුකරදුන් නිසා, ඔහු අපගේ සදාදරණිය නායකයාම විම අරැමයක්ම නොවේ. තවදුරටත් යුද්දය කතා කර කර ඉදිම පලක් නැති දෙයකි. එම නිසා කලින් සකසා ගත් පරිදි රටේ සංවර්ධනය හෙට සිටම ඇරඹිය යුතුය. මෙ සදහා අන් කවරදාටත් වඩා දැන් තරැණ එකමුතුව ලාංකීය රජ්‍යයය කරා රොක්වී අත. තවද මෙම සංවර්ධනයන් විවෙචනය කිරිමටයද පිරිසක් සිටිය යුතුය. එම නිසා එල්ලවන සැම චෝදනාවක්ම ගැඹුරින් අධ්‍යනනය කර ඉන් ලබා ගත හැකි උපරිමය ගත යුතුය.

අණ්ඩුව තුල ඇති දුෂිත ඇමතිවරැ වහාම එලවා දැමිය යුතුය. එලෙසෙම කියුපරිදි අලුත් ඇමතිවරන් ගනන අඩු කල යුතුය. පහුගිය කල ඇමති වරැන්ට විරැද්ධව එල්ල වු සෑම චෝදනවක්ම විභාග කලයුතුය. වරදට දඩුවම් දිය යුතුමය. තර්ජිත ඇමතිවරැන් හෙවත් අන්දෙරේලා හෙවත් මර්වින් සිල්වා වැන්නවුන් වාහම බැද දැමිය යුතුමය. මෙ කරනා කෙසේ සිදුවේද යන්නද නුවර පාර හොද විමසිල්ලෙන් සිටියි. මන්ද යත් නුවර පාර තුලින් මහින්ද ජනපති කිරිමට වචනයකින් හෝ උදව්වක් සිදුවිනි.

නුවර පාර සදහා ලිපි සැපයු පාඨකයන්ට බෙහෙවින් ස්තුතිපුර්වක වන අතර, ඉදරියටත් ඔවුගේ වටිනා ලිපි බලාපොරොත්තු වෙමි. එම නිසා ඔබ හා අප එක්ව ජනපත් පුටුවේ නැවත වරක් වාඩිකල මහින්ද නැවැරදි මාර්ගයේ ගමන් කරන්නේ දැයි සොයා බැලිමට ඔහුට උදව් වුනු අපේ වගකීමකි.

දැන් ඉතින් සංවර්දන ඉලක්ක යතාර්තයක් කරමු ....

6 comments:

  1. ආණ්ඩුව සංවර්ධන ක්‍රියා දාමයක් ගෙනයයිද නොයයිද කියා හෙටසිට අපහට නිසැකවම බලාගත හැක. හෙට උදාවීමට අත්තේ අලුත් දිනයකි. නමුත් නැවුම් බලාපොරොත්තු සමග පස්සෙන් පස්සට යන්නට වේද? නොවේ ද? කවුරුත් දෑස් දල්වා බලා සිටිති. කලගුණ දත්තෝ කලගුණ සලකත්වායි මගේ බලපොරොත්තුව වේ. නමුත් ආණ්ඩුවේ සිටින හා විපක්ෂයේ සිටින මැරවර දේෂපාලු හිපියන්ගේ අඩුවක් හෙට දිනද දක්නට නොලැබේ. එය අපකාටත් සක්සුදක්සේ පැහැදිලිය. මන්දයත් එකෙක් පන්නා දැමුවහොත් ඒකා අනික් පැත්තට ගොස් සිටිය පැත්තේ වර්ණනාව කියවන නිසවෙනි. නමුත් මේ දේෂද්‍රෝහීන්ට විරුද්දව අපට නීතියමය පියවර ගතහැකි නීති රෙගුලාසි එලිදකීද????

    ReplyDelete
  2. What a joke Sri Lanka will beat Sigapore,South Korea and Malaysia within next six years under MR's leadership.I guess you are not living in Sri Lanka.

    ReplyDelete
  3. kalin wedi kiyala hithennedda meka danna

    ReplyDelete
  4. @හෂාන්
    නැහැ නැහැ කිසිම කල් වැඩි කමක් නැහැ ....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. සුභ අනාගතයක් කියූපමනින් එය උදාවේද ? අපගේ උදවු ලබාගෙන ජනමත විමසමින් කටයුතු කරන ආණ්ඩුවක් කවදාවත් උදාවුනේවත් උදාවෙන්නෙත් නැත. දන්නෝ දනිති නොදන්නෝද බොහෝ සිටිති. අප රට දිනෙන් දින අරාජිකත්වයක් කරා ඇදීයන්නේ අපම නිසානොවේදැයි කවුරුත් නොසිතති. අප එය සිතුවද ඉන් පලක් නැත. අදමිටු දේෂපාලුවට තිතක් තිබීමට හැකිවේ ද ? එසෙනම් එය අපලද භාග්‍යකි. අපවිසින් දෙෂපාලුවන් දිනවුවද දේෂපාලුවන් අප දිනවයිද ?? දේෂපාලුවන් විසින් ඔබ දිනවනතුරු කට අයා බලාසිටින්න......... සුභ අනාගතයක් හෝ විෂ්වාසනීය වෙනසක් කෙදිනකවත් උදානොවනු නිසැකය. කලයුත්තේ ඔබවිසින් දෙෂපාලුවන් දිනවීම නොවේ රට දිනවීමයි.

    ReplyDelete