Saturday, January 16, 2010

විධායකය / දූෂනය / එකීය / පවුල් බලය / එක්සත්

පහතින් සද්හන් කරන අඩවිය ලියන හෂාන් සමග කල වාදයක් නිසා ඇතිවු අලුත් මතයක් මෙම ලිපිය සමග එක්කරමි.
http://adawwa.blogspot.com/2010/01/2.html

මම මෙහිදි කතා කරන්නේ මෑත දේශපානය මත පමණි. මන්ද යත් මට අත්දැකිම් ඇත්තේ එම කාලපාරසය තුල පමනක්ම නිසාය.

1994 දි වන්දිකා බලයට පැමිනේන්නේ, වසර 17 ක එජාප දුර්දාන්ත පාලනය නිම කිරිමටය. ඔය අතර ජවිපේ විධයක තුල වු අසීමිත බලය දැක්ක නිසා වීධයකය අහෝසිකරන බවට නෝනාගේන් ලිඛිත සටහන් ගේන තම අපේක්ෂකයා ඉවත් කරගත්තේය. එදා ජවිපේ එදාට ගැලපේන ආකාරයට තින්දුවක් ගතතේය. එක තමයි ජවිපේ තුන්වෙනි පරික්ෂාව [1. 71 කැරැල්ල 2. 88/ 89 කැරැල්ල]. එහෙම නැත්නම් ජවිපේ තුන්වෙනි ටෙස්ටි කිරිල්ල. ඔය විධායක කාරනාවට වඩා ජනතාවට එදා අවැසි වුයේ එජාපය පන්නා දැමිමටය. එදා බැරැවෙලවක්වත් ඔතන මර්වින් හිටයත් දිනනවා. එහින්දා එදා ජවිපේ එම උපකල්පනය වැරදි, විදායකය 1999 දක්වා නොනා ඇදගෙන අවාය. ඉන්පසු අයේත් 99 ජනපති සටනේදි ජවිපේ නොනාට සහාය දක්වයි. එවරද විදයකය කියන කාරනවා ජනතාව අතරට නොගොස්, බොම්බයට පින්සිද්ද වෙන්න යන්තම් අයිත් නොනම බලයට පැමිණියයා. 99 සිට 2005 දක්වා විදයක බලතල නොනා හොදට රහ බැලුවේ ජවිපෙයට දෙවන වතාවටත් කොකා පෙන්නමිනි. දැන් මෙවන විට ජවිපේ පස්වේනියට දියත් කල උපායත් අසාරත්ක විගියේය.

මට හිතෙන තවත් දෙය්ක නම්, 2010 වනතුරැම විධයකය අහොසි කිරිමට පර්ලිමනේතුවට යෝජනවක් ගෙන අයුතු බව මොවුන් නොදැන සිට ඇත. නැතිනම් චිධයකයට විරැද්ද මොවුන් පරිමෙන්තුව තුල අනිවර්යයේනම කතා කලයුතුමය


හරි දැන් 2005. අයිත් ජවිපේ මහින්ද එකක් ගිවිසුමක් ගහනවා, මුලික කරැන, කැරැල්ල ඉන්පසු තවත් ඉල්ලීම් කිහිපයකට පසු විධයකය අහෝසි කිරිම. දැන් මෙ හය වෙනි පාර තමයි. ජවිපේය රටට පාර කියලා දේනන හදන්නේ. පහුගිය පස් වතවෙම තමන්ගේ තිරනය වැරදිච්ච අය අයිත් තමුනගේ උපායශිලි බව පෙන්වන්න මහිනදව ඉන්දොනවා චිධායක පුටුවේ. මහිනදගේන් මිනිස්සු බලා පොරෙත්තු වුනේ, රට කොටියගේන මුදවා ගන්න එක, හා නොනගේ එක්සත් රට එකීය රටක් කරන එක. මට පුදගලිකව හිතේන කාරනාවක් නැම්, ගමේ මිනිස්සු හා නගරයේ ජිවත් වන සාමන්‍යය මිනසාට ඔය චිධයකය තබුනත් එකයි නැතත් එකයි.

දැන් කොහෙම හරි යුද්දේ ජය ගත්තා. ජවිපේ ඉල්ලිම් වු වීදායකය අහොසි වෙන්නේත් නැහැ. මෙවෙන කොට දැන් ජවිපේ 3 වතාවක් ජනපතිවරැන්ටම රැවටිලා. එකියන්නේ මොවුන්ගේ තිනදු හා තිරන කවුරැත් ගන්න ගන්නේ නැහැ. එම තිරන ඔවන්ට යතාර්තයක් කරන්නත් බැහැ.


දැන් 2010, නොනා දෙපාරක් ඉෂ්ට කලේ නැහැ / මහින්ද තව පාරක් රැවැට්ටුව. ඔන් දැන් ගෙනාව සරත්ව කලියට විධායකය අහෝසිකරනන. ඔකට ඉතින් රනිල් අය්යත් අවා. මොකද සල්ලි දිලා මන්තිරයෝ එහට මෙහාට කරලා අගමැති වුනත්, කවදාවත් විධයක ජනපති කම තමුන්ට රටවැසිය නොදෙන බව.

දැන් රනිල්ට ඔනා - චිධයකය අයින්කරන්න / රාජපක්ෂවරැ එලවන්න / එක්සත් රටක්
දැන් ජවිපේට ඔනා - විධයකය අයින්කරන්න/ දුෂනය අයින්කරන්න/ එකිය රටක්

දෙගොල්ලන්ටම එකතුනේන තියන කාරනවා තමයි - විධයකය අයින්කිරිම. ඔන් ඔකට කට්ටි දෙක එකතු උනා.

දැන් අපිට තියන ගැටලුව, 2005 මහින්දව ගෙනල්ලා කැරැල්ල මුලින් උපුටලා එකිය කරපු රට, චිධයකය අයින් කරන්න ඔනා කියන පොදු කරනාවට පමණක්ම සිමා වෙලා මහිනදව එලවලා රනිල් රජ කරන එකද? නැතිනම් එකිය රට තියාගේන මහිනදව නැවත්ත් පාලන බලයට ගෙන එමද? කියන කාරනා දෙකයි


එහිනදා මට අනුව, ඔය මොන දේ කරන්නත් රට එකිය වේනන ඔනා. අනික ජවිපේ මෙවර තෙරිමත් වැරිද වෙන්නම ඔනා. මොකද දැන් හය පාරක් වැරදිච්ච කට්ටයක් තමයි මෙඅය.

එකිය රටද? එක්සත් රටද? තිරණය ඔබ අතේ


kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

19 comments:

  1. Matanam එක්සත් රට

    ReplyDelete
  2. @any 1
    ඔබ සරත්ට කැමැත්ත දක්වන්න.

    ReplyDelete
  3. ඇ ත් තටම ස තුටුයි කැන්ඩි,

    එ් ඔබගේ මතය මම පිලිගන්නවාට නෙමෙයි. ඔබගේ ලිපියට උදව් වෙන්න පුළුවං වුණාට. ඔබ මුල ඉඳලම එන පාර ගැන මට කිසිම අවුලක් නෑ. ජවිපෙ ගැනත් ගානට කියනවා. එ්ත් අන්තිමට ඔබට සුවිශේෂීවූ එජාප නොදිරවීම හා එ්කීය කතන්දරය ඇවිත් පාර මාරු කරගන්නවා. මං එක ප‍්‍රශ්ණයක් අහන්නද? ඔබ අද තියෙන ලංකාවේ පාලන ක‍්‍රමයට එකඟද?

    ReplyDelete
  4. @හෂාන්
    ස්තුතිය. අප අදහස් දෙකක් දරැවත්, අදහස් හුවමරැ කරගන්න පුලුවන්. ඔක තමයි ලංකාවේ අනාගතයට ඔනා. ඔබ හරියටම කිව්ව මගේ මාර්ගය. එත් පොඩි දේයක්, මම සන්දානය කරපිටින් තබාගේනත් නැහැ, මොකද මම 2004 දි ඔය එකකටව්ත නෙමෙයි චන්දය දුන්නේ. එහින්ද රටේ තත්වය අනුව මම මං යන මාවත මාරැ කරනවා. කව්වට මොකද මමත් සරත් ගැන දැඩි විශ්වාසයක් තිබුණා. එත් ඔහුත් තවත් එක් දේශපාලකයෙක් නම් මට එ වෙනස වැඩක් නැහැ.

    ලංකාවේ වර්තමාන පාලන විදිහ
    1.දැන් යුද්දය නැති නිසා විධයකය බලය අඩුකර එය පර්ලිමෙන්තුවට වගකිය යුතු තත්වයට ඇතිකල යුතුයි
    2.මන්තිරයෝ පැන්න ගමන් අතුරැ මැතිවරණ අවැසියි
    3.පලාත් සබා හො පදේශිය සබා යන දෙකෙන් එකක් නැති කල යුතුයි
    4.රටට මොන පක්ෂය බලයට ආවත් ස්තිර පුතිපත්ති මාලාවක් තිබිය යුතුයි
    5.දුෂණය / වංචාව හැම තැනින්ම බැරි උනත් ලොකු ලොකු තැන් වලින් අයින් කල යුතුයි.

    ReplyDelete
  5. මම ඔබේ 1,2,4,5 ට එකඟයි. ඒත් 3 ගැන මට ප‍්‍රශ්ණ තියෙනවා. මොනවා වුනත් අර ටික නං නිසැකවම අප නිවැරදි කර ගැනීමට පත්වෙන කෙනාව තල්ලූ කරන්න ඕනේ.

    පලාත් සභා හා ප‍්‍රාදේශීය සභා ගත්තාම මේ දෙක ගැටෙන තැන් තියෙනවා තමයි. ඒකට හේතුව තමයි මේ දෙක හැදිලා තියෙන්නේ ආකාර දෙකකට. පලාත් සභා ආවේ 1987 ඉන්දු ලංකා ගිවිසුමට අනුවයි. ඒක හදිසියේ හදපු එකක් කියලා සමහරු කියන්නේ ඒකයි. (අපේ හිටපු අගවිනිසුරුතුමා ද ඇතුළුව) නමුත් අපේ පලාත් පාලන ආයතන ලෙස සැලකෙන්නේ නගර සභා, මහනගර සභා හා ප‍්‍රාදේශීය සභා කියන ඒවයි. ඒවා වෙන වෙනම පාර්ලිමේන්තු පනත් මගින් සම්මත කරගත් පාලන ඒකක. ඔන්න ඕකයි මේ දෙක ගැටෙන්නේ.

    අනික තමයි අද වෙන කොටත් මේ කිසිම ආයතනයකට ස්වාධීනව තමන්ට අයිති බලතලවත් භුක්ති විඳින්න දෙන්නේ නෑ. අපි ප‍්‍රංශය හෝ ජර්මනිය වගේ රටක් ගත්තම එහෙ ඉන්න පිපෙට්වරයා වැනි නිලධාරීන්ට ප‍්‍රමාණවත් බලතලත් එක්කම අවශ්‍ය ස්වාධීනතාවයත් හදලා දිලා තියෙනවා. ඒත් අපේ රටේ මේ ඔක්කොම පටලගෙන ඉන්නේ. ඒ හින්දා සාර්ථක බලය බෙදීමක ප‍්‍රතිලාභ භුක්තිවිඳින්නට තාමත් අපිට විදිහක් නෑ. ඔබ වුනත් ඒකීය මතය ඔය තරම් බදාගෙන ඉන්නට හේතුව ඒක වෙන්නත් පුළුවං.(බදාගෙන ඉන්නවා කියන වචනය ගැන වැරදියට හිතන්න එපා.)

    ඒත් ඉස්සර තිබ්බේ මහනගර සභා, නගර සභා, සුළු නගර සභා සහ දිස්ත‍්‍රික් සභා කියලා පලාත් පාලන ක‍්‍රමයක් ඒත් අන්තිම දෙක එකතු කරලා පසුව ප‍්‍රාදේශීය සභා හැදුවා.

    පලාත් සභා එක්ක 77 ව්‍යවස්ථාව ගැටෙන තැන් අනන්තයි. රජීව් ගාන්ධි වඩමාරච්චි ගිවිසුම වෙලාවේ ඇඟිලි ගැහුවම ජයවර්ධන මහතා බය වෙලා ඉන්දු ලංකා ගිවිසුමට එකඟ වුණා. ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒත් 77 දී හදපු තනි පුද්ගල බූදලයක් බඳු අපේ ව්‍යවස්ථාවට මේක බින්දුවක්වත් ගැලපුනේ නෑ. ඒක හරියට ගොනයි මීමයි වගේ.
    නිකමට හිතලා බලන්නකෝ පොලිස්පති පත්කිරීමේ බලය පවා තමන් ලඟ තියාගත් ජයවර්ධනගේ ඒ ව්‍යවස්ථාවයි පලාත් වලට පොලිස් බලතල පවා දෙන 13යි ගැලපෙන්නේ කොහොමද කියලා. අනික දැං තියෙනවා පලාත් පාසල් හා ජාතික පාසල් කියලා දෙජාතියක්. ඒත් ඕනෙම වෙලාවක රජයට අවශ්‍යයි නං පලාත් පාසලක් තමන්ට පවරගෙන ඒක ජාතික පාසලක් කරන්න ආණ්ඩුවට පුළුවං. රෝහල් ගන්නකෝ ඒකත් එහෙමනේ. පලාත් රෝහල් තියෙනවා. ජාතික රෝහල් තියෙනවා. හොඳ රෝහල් ආණ්ඩුව තමන්ගේ අමාත්‍යංශයට පවරගන්න ඕනේ වුණාම එක සංවර්ධනය කරන්න ඕනේ නිසා තමන්ට දෙන්න කියලා ඉල්ලනවා. පලාත් සභාවට ඒ තරං සල්ලි නැති නිසා දෙන්න වෙනවා. ඒත් ඒවා පාලනය කරන්න කිව්වට පලාතේ බදු ටිකත් හූර ගන්නේ ආණ්ඩුවමයි. පලාත් සභාවට දෙන්නෙ සොච්චමයි.

    ඔය වගේ ප‍්‍රශ්ණ නං ලෝකයක් තියෙනවා. ඉතිං මේ නොගැලපෙන පැච් දාපු ව්‍යවස්ථාව වෙනස් කරලා මේ සියල්ල එකතැන විසඳුන ව්‍යවස්ථාවක් ලංකාවට අවශ්‍යයි. (ඔබ මගේ කතාවට එකඟ වෙයිද මන්දා)

    ReplyDelete
  6. mewa mada nemei... thiththa aththa..namal ada me bawa pilihaththa

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5243:2010-01-16-15-56-28&catid=34:2008-10-13-08-28-51&Itemid=27

    ReplyDelete
  7. thanks razoe. very important one

    ReplyDelete
  8. රනිල් රජ කරවන එක දැන් සිදුවිය යුත්තක්. රනිල් කියන්නෙ රටක් සංවර්ධනය කරන්න පුළුවන් නායකයෙක්. බටහිර රටවල් සමග සබඳතා ශක්තිමත් කරලා, මෙරටට ආයෝජකයෝ ගෙන්වලා, ශක්තිමත් පුද්ගලික අංශයක් යටතේ රටේ තරුණ පිරිසට රැකියා අවස්ථා ඇති කරලා හොඳ අනාගතයක් උදා කරන්න ඔහුට පුළුවන්. නමුත් මේ ආණ්ඩු‍ව යුද්ධෙ කරන ගමන් රාජ්‍ය මාධ්‍ය හරහා රනිල්ගෙ අඩුපාඩු වලට නින්දිත ලෙස පහර ගැහුවා. (උදා: යුද්ධෙ විවේචනය කිරීම්, මහින්දට පහර ගැහීම්) ඒ නිසා ජනතාවට ඔහු ගැන දැන් ඍණාත්මක මතයක් තියෙන්නෙ. මතක තියාගන්න 2005 දී ඔහුට 48.5% ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න හැකි වුනා. මහින්ද පත්වු‍නොත් ඔහුගෙ ගෝලයෝ ‍‍යටතේ දැනටමත් පිරිහී ඇති රටේ පිරිහීම තවත් වැඩිවීම පමණයි වෙන්නෙ. මගෙ පෞද්ගලික මතය නම් සරත් ආවොත් ඔහු දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරයි. එමගින් රටේ යම් ‍හොඳක් සිදුවෙන අතර එජාපය යටතේ රටේ සංවර්ධනය වේ යැයි හිතන්න පු‍ළුවන්.

    ReplyDelete
  9. @සියල්ලට පොඩි නොන්ඩියක්
    දැන් මට විවාද කරන්න පැහැදිලිවම දෙන්නෙක් ඉන්නවා. එහින්දා එකකෙනේක නැගිටලා යනවාද.... රතුඉර ....

    පොඩි විහිලුවක් දෙන්නම ඉන්න මෙක නුවර පාර...........


    @හෂාන්
    ඔබගේ පැහැදිලි කිරිම ඉතාම පුශන්සිනියයි. ඔබගේ පැහැදිලි කිරිම පිළබද 100ට 100 ක් එකගයි. එවගේ ම බදාගෙන් කියන වචනය සමගම මා උරන නොවන්නේ ඇත්තටම එය මෙරටට අවශ්‍යය එකක් නිසාම බැවැනි.

    එකීය
    මචන් එකිය කියන රාමුව ඇතුලේ බලය විමධ්‍යය ගත කරිම කියන සංකල්පය ඇතුලුකරන් පුලුවන්.මම ඇත්තටම දේශපාලනය හෝ රටවල් වල ව්‍යවස්තා පිලිබද වැඩි දැනුක් නැත. නමුත මම දන්න පරිදි. ඉන්දයව තුල පාන්ත තිබුණත් ඔනැම එකක් ගැන තිරණය ගැනිමට මධ්‍යම රජයට බලයක් ඇත. අනික් කාරනවා, බලය බෙදිමෙන් දෙමළ ජනතාවට තිබෙන ගැටලු විසෙදේද යන්නයි. මොකද ඔය කියනන්නවු සියලුම ගැටලු මෙරට සිංහල මිනිස්සුන්ටත් ඇත

    1. භාෂා
    2. පාරපාලන
    3. රැකියා
    4. අධ්‍යපන
    5. යටිතල
    6. සනිපාරක්ෂක

    හා වෙන්ත දැ. මෙවට බලය බෙදලා දෙනවනම් එක නිකන් විහිලුවක් විතයි.

    @razor lk
    ඔව මාත් දැක්ක, නාමල් ඔකපිලිගන්නවා. එත් මම පටු වෙන්නේ නැහැ. ඔහු එකට දිපු පිලිතුර පිලිගනන්. මොකද මෙයා මහිනදගේ පුතා එතකොට අනිවා මෙයා ආරක්ෂාව ගැන හිතනවා. එහෙවු එකෙක් කවදාවත් අනික් කෙනා නොදැන ජායරැපයකට පෙනි හිටින්නෙ නැහැ. අනික පිටරටකදි.

    @රනිල්ට කැමති ඇනමොනියස්
    ඔය කියන රජතාන්තික බාවය කේලමි කිමට පමණි. අනික රටව්ල් එක්ක සම්බන්දකම් තියගන්න ඔනා රට පාවලා දිලා/ රජ්‍යය අයතන විකුනලා නෙමෙයි. කොපමණ චන්දගත්තත් දැන ඔහු මෙරටට මිනිසුන්ට රටපාවලා දුන්න එකේනේක් විතරයි. එම නායකාය මෙරට ජනතාව පුතික්ෂෙප කරලා ඉවරයි. අයිත් ඔහු මෙරට නායකයා නොවිය යුතුමයි. මන්ද යත්, ඔහුට මෙරට ජනතාවගේ දෝලනය නොතේරෙන. බටහිරට ගැති/ පොළවේ මත නොහිටන / තවත් එක් කලුසුද්දේක විතරයි.

    ReplyDelete
  10. මේකත් බැලුවනං..

    http://adawwa.blogspot.com/2010/01/blog-post_06.html

    ReplyDelete
  11. @Kanishka | කණියා
    ස්තුතිය. ඔව් එක මම බැලුව. එත් වැඩක් නැහැ ඔහු මොනදේකලත් රට එකියයි. නමුස් සරත් එහෙම කියලා නැහැ... ඔහු චන්දේට කලින් මව් බිම එකියය කව්වොත් මමත් ඔහට තමයි චන්දය දේනනේ ...

    ReplyDelete
  12. ඇයි මේ??? "ඔහු මොනදේකලත් රට එකියයි". අපිට ඕනෙ සිම්බාබ්වේ වගේ ඒකීය රටක්ද?? මේ ඒකීය කියන වචනෙ පෙන්නලා තව මොනතරම් දේවල් අපෙන් උදුරගන්න දෙනවද?? අනිත් දේ, ඒකීය කියන වචනෙ නැතිඋණා කියල රට බෙදනව කියන්නෙ කොහොමද??? මතක තියාගන්න ප්‍රචන්ඩත්වය සහ ත්‍රස්තවාදයෙ මූලබීජ ඇතිවෙන්නෙ තමන්ගෙ මතයට (තමන්ට - මමත්වය ) තැනක් නැහැයි කියල හිතෙන තැනකදියි.

    ReplyDelete
  13. මේක බලන්න.
    http://www.lankadeepa.lk/2010/01/17/front_news/02.htm

    මේ තියෙන්නෙ තව විස්තර එක්ක.
    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5244:2010-01-17-04-15-12&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    ReplyDelete
  14. @ඇට මැස්සා
    සිම්බාබ්ය තමයි අලුතේන්ම කතා කරන්න පටන් අරන් තියෙන්නනේ. මතක තියගන්න ලංකාව කවදාවත් එහෙම වෙන්නෙ නැහැ. ඔක ඔයාලා පෙන්වපු මායවක්.

    ඔහොම හමුදුරැවරන්ගේන් පුකාශ ගන්නෙැ නැතුව සරත් එකපාරක් කිව්වනම් ඇත මෙක එකිය රටක් කියලා. එදාට මත් සරත්ට. පුලුවන්නම් එක කියන්න කියන්න 26 කලින්

    ReplyDelete
  15. please visit this link & vote your supporter

    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete
  16. ඒකීය රාජ්‍ය හා එක්සත් රාජ්‍ය එසේත් නැතිනම් සන්ධීය රාජ්‍ය ක%මය යන්න දේශපාලන විද්‍යාවේදී විවිධ වූ නිර්වචනයන්ට බදුන් වෙනව‍ා. නමුත් මා මේ ගැටළුව දෙස බලන්නේ ඒකීය හෝ සන්ධීය වශයෙන් නොව ලාංකික සමාජ‍‍යේ පවත්තින්නාවූ ගැටළු වලට විසදුමක් ලබා දෙන්නට හැකි ආණ්ඩුක%මය ක=මක්ද යන කෝණයෙනි.

    හම්බන්තොටට වරායක් අවශ්‍ය නම් එය සෑදීමේ බලය දක=ණු පළාත් සභාවට හිමි විය යුත=ය. එය කොළඹින් ලැබෙන තෙක් සිටිය යුත= නැත. (පළාත් සභාව යන්න උදාහරණයට ගනු ලබන්නේ දැනට කි%යාත්මක නිසාය.) උත=රැ නැගෙනහිර කෘෂිකර්මය හා ධීවර කර්මාන්තයට අදාල තීරණ ගැනීම ඔවුන්ට හිමි විය යුත=ය. එම තීරණ කොළඹින් ගන්නවානම් එහිදී නොගැලපීම් හා කාලය පිළිබද ගැටළු ඇති විය හැකියි.

    අනෙක් අතට ඒකීය රාජ්‍යයක් ත=ළ අපගේ ගැටළු විසදීමට මෙතෙක් හැකියාවක් ලැබී තිබේද? යන්න සොයා බැලීමත් වටී. යටිතල පහසුකම් සැපයීම, රැකිා අවස්ථා සැපයීම, සුභ සාධන කටයුත= සිදු කිරීම ආදියේ තත්වය ක=මක්ද? ඒකීය රාජ්‍ය ක%මයේදී ඇතිවී ඇති ගැටළු සන්ධීය හෝ එක්සත් ක%මයකදී විසදේද?

    මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුත= වුවත් ව්‍යාපාරික කටයුත= නිසා කාලවේලාව ඉතාමත් ගැටළුවක් වී ඇත.

    කෙ‍සේ වෙතත් ඒකීය හෝ සන්ධීය ක%මයකදී සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනයාගෙ ගැටළු සාධනීය මට්ටමකට විසදේද එය පිළිගන්නට මා කැමතිය.

    ReplyDelete
  17. @thisara
    කර්ය බහුල ඔබ නැවත්ත මෙයට කමෙන්ටුවක් දැමිම පිලිබද මම ස්තුතිපුරවක වෙමි.

    එකිය හො එක්සත් විදයක් තුලින් රටේ ගැටලු නොවිසිදේ නම්, එකිය කියන එක තබාගනිමු. එවිට අඩුමතරමින් අපි වැන්නවුන්වත් සැහිමකට පත්වනවා නැසැකය.


    ඔබ ඔය කියන හැම එකකටම මුල අර්තික ගැටලුවයි. ආරතිකය හොදනම් අපිට හම්බන්තොටට මෙන්ම මිගමුවටත් වාරයක් දේනන පුලුවන්. ඔන අයකුට මධ්‍යම රජය හරහා මුදල් වෙන් කල හැකියි. එම නිසා ඔබත් හොදටම දැන් දන්නවා බලය බොදලා මෙ අර්තික ගැටලු විසදන්න බැහැ කියලා. එහෙනම් ඉතින් තව මොනවද?

    ReplyDelete
  18. oya nam Basil comis gahana ekatath kemathiy neda. Basilta hambena 10%n kiyak enawada?

    ReplyDelete