Monday, January 25, 2010

2010 ජනාධිපතිවරණයේ දී අපගේ තීරණය කුමක් විය යුතුද ?

පහත ලිපිය අප වෙත එවන ලද්දේ විජේසේකර මහතා ගාල්ලෙනි.

2005 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේ දී, බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය
කිරීමේ මූලික අරමුණ පෙරදැරි කරගෙන, තමා බලයට පත් කිරීමට සහාය දුන් හෝ එයට
සහාය නොදුන් ලෙස නොසලකමින්, මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියේම යහපත
වෙනුවෙන් තමාට පැවරී තිබූ වගකීම මැනවින් ඉ‍ටු කරමින්, වසර තිහක් පුරා අප
රට මුහුණ දී තිබුණු දරුණු ව්‍යසනයෙන් මුදවාගෙන බෙදුම්වාදී ත්‍රස්තවාදය අප
රටින් තුරන් කිරීමට අවශ්‍ය නායකත්වය සැපයීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි
විය.

බෙදුම්වාදී ත්‍රස්තවාදයට අප රට මුහුණ දී තිබූ කාලයේදී රට පාලනය කළ
ජනාධිපතිවරුන්ට, ජාත්‍යන්තර බලපෑම් හමුවේ කෙලින් තබා ගත හැකි කොන්දක්
නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබියදී, කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑම්
වලට යටවූ නෝර්වේ ප්‍රමුඛ යුරෝපා රටවලින් ද, ඇමරිකාව ප්‍රමුඛ බටහිර
රටවලින් ද, ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවලින් ද එල්ලවූ බලපෑම් වලට යට
නොවී, තමන්ට රට විසින් පවරන ලද වගකීම නොපිරිහෙලා ඉ‍ටු කිරීමට ඔහු කටයුතු
කළේය.

ලොව කිසිදු රටක සිදු නොවන ආකාරයට, ව්‍යසනයකදී එක්ව මුහුණ දෙනවා වෙනුවට,
සෑම විටම බාධා ඇති කිරීමට උත්සාහ කළ විපක්ෂය සමග එක්වී, තමා බලයට
පත්කිරීමට සහාය වූ බලවේග පවා අයවැය පරාජය කොට රජය පෙරළීමට උත්සාහ කරද්දී,
යුද්ධයේ තීරණාත්මක අවස්ථා වල දී වැඩ වර්ජන, උද්ඝෝෂණ සංවිධානය කරමින් රටට
ලැබිය යුතු ජයග්‍රහණය වැළැක්වීමට උත්සාහ කරද්දී, නිදහසින් පසු අප රටේ
බිහි වූ විශිෂ්ටතම ජන නායකයා සහ සේනාධිනායකයා තමා බව ක්‍රියාවෙන් ඔප්පු
කරමින්, මුළු මහත් ජනතාවම සහ ත්‍රිවිධ හමුදාවම එකම අරමුණකට එක් කර,
ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.

යුධ හමුදාව, නාවුක හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය ජීවිත පරිත්‍යාගයෙන්
සිය උපරිම කැප කිරීම ඉ‍ටු කරද්දී, සකල ශ්‍රී ලංකාවාසී ජනතාවම තමන්ගේ
පෞද්ගලික සුඛ විහරණය හෝ ලාභ ප්‍රයෝජන ගැන නොතකා මව්බිම ත්‍රස්තවාදයෙන්
මුදවා ගැනීමට අවශ්‍ය කැප කිරීම් සිදු කළහ. ජනතාව එසේ නමුත්, විරුද්ධ
පක්ෂය සෑම දෙයටම විරුද්ධ වනවා මෙන්, රජයේ අමාත්‍ය තනතුරු හොබවන බොහොමයක්
දෙනා තමන් රට වෙනුවෙන් ඉ‍ටු කළ යුතු යුතුකම් මොනවාදැයි තේරුම් නොගෙන,
සෑමවිටම තම පෞද්ගලික සුඛ විහරණය ගැන පමණක් සිතා කටයුතු කළ අතර, තව දුරටත්
එසේ කටයුතු කරති.

මෙවන් තත්ත්වයන් යටතේ 2010 ජනවාරි 26 දා ජනාධිපතිවරණයකදී ඡන්දය ප්‍රකාශ
කිරීමට අප හට අවස්ථාව උදා වී ඇත.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් විසි දෙදෙනෙකු ඉදිරිපත් වී සිටියත්
ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සිටින්නේ, වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාත්, හිටපු හමුදාපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා
මහතාත්ය. මෙම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම නොයෙකුත් ආකාරයේ පොරොන්දු සහ
වැඩ පිළිවෙලවල් ඉදිරිපත් කරන අතර ඒවායින් ජනතාව තමා වෙතට යොමු කර ගැනීමට
උත්සාහ කරති.

අප මෙවර ජනාධිපතිවරණයේදී තීරණයක් ගත යුත්තේ පෙනෙන්නට ඇති මෙම පොරොන්දු
ගැන සිතා ද? එසේ නැතහොත් අපට නොපෙනී යටපත් වී තිබෙන, අප රටට එල්ල වී ඇති
සැඟවුණු අනතුරක් ගැන සිතා ද?

අප රට ගැන සහ ජනතාව ගැන සිතා බලන විට මීට වසරකට පමණ පෙරදී තිබුණු
තත්ත්වයත් අද තත්ත්වයත් සලකා බලමු.

කුමන මොහොතක බෝම්බයක් පුපුරාවිදැයි බියෙන්, තම ජීවිතය ගැන කිසිදු
විශ්වාසයක් නොමැතිව බියෙන් කල් ගෙවූ ජනතාව, අද තම ජීවිත ගැන
සුරක්ෂිතතාවයක් ඇතිව කල් ගත කරති. ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන්ගේ
ජීවිත තව දුරටත් අකාලයේ විනාශ වන්නේ නැත. පිරබාහරන්ගේ යකඩ හස්තයට යට වී
සිටි උතුරු නැගෙනහිර ජනතාව එයින් නිදහස් වී ඇත.

එවකට තමන් තරම් ජගතෙක් මෙලොව නැතැයි කියා සිතා සිටි කොටි ත්‍රස්තවාදීහු
තම නායකයා විනාශ වීමෙන් පසු නැවත හිස ඔසවන්නේ කෙසේදැයි කල් බලමින්
සිටිති.

සෑම විටකම කොටි ත්‍රස්තවාදීන්ට වාසිවන ආකාරයට කටයුතු කළ එක්සත් ජාතික
පක්ෂය සමග, කිසිසේත් එක් විය නොහැකි යැයි කියූ ජනතා විමුක්ති පෙරමුණ,
එක්සත් ජාතික පක්ෂය දේශමාමක මතවාදයකට වෙනස් වී නොමැති තත්ත්වයක් යටතේ පවා
ඔවුන් සමග එකඟතාවයකට පැමිණ ඇත.

මෙම එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස සරත් ෆොන්සේකා මහතා ඔවුන්ගේ පොදු අපේක්ෂකයා
ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත.

තමන් හමුදාපති තනතුරේ සිටියදී, තමන්ට රාජකාරි කටයුතු කරගෙන යාමට
ජනාධිපතිතුමා ඉතා දැඩි ලෙස ධෛර්යය ලබා දුන් බව ප්‍රකාශ කළ සරත් ෆොන්සේකා
මහතා දැන් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිතුමා විසින් කළ කිසිවක් නොමැති බවයි.

යුද්ධය පවතින අතර එයට කිසිදු අවංක සහායක් නොදුන් ජන මාධ්‍යයන්ට, එම
යුද්ධයේ දී යුද හමුදාව මෙහෙයවූ සරත් ෆොන්සේකා මහතා දැන් වීරයෙකු බවට පත්ව
ඇත. එමෙන්ම එවකට සරත් ෆොන්සේකා මහතා වීරයෙකු වූ ජන මාධ්‍යයන්ට අද ඔහු
ද්‍රෝහියෙකු බවට පත්ව ඇත.


මේ ආකාරයට සලකා බලන කල්හි මීට වසරකට පෙර තිබූ මතවාදී තත්ත්වයම දැනට
පවත්වාගෙන යන්නේ කවුද?


ඒ, කොටි ත්‍රස්තවාදයට සෑමවිටම සහාය දැක් වූ රනිල් වික්රාමසිංහ මහතා
ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත්, කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම විනාශ කිරීමට
නායකත්වය සැපයූ සහ ජාත්‍යන්තරයේ ඉතිරිව ඇති ඉතිරි කොටි බලයද විනාශ කිරීමට
කටයුතු කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පමණි.

මෙවන් තත්ත්වයක් යටතේ අප රටට අවශ්‍ය වන්නේ කුමක්ද?

මේ මොහොත වන විට, උතුර සහ දකුණ අතර පසු ගිය කාලයේ බිඳී තිබුණු ජන
සම්බන්ධතා සෙමෙන් සෙමෙන් යළි ගොඩ නැගෙමින් පවතී. අප රටට මේ මොහොතේ අවශ්‍ය
වන්නේ මෙයයි. අන්‍යොන්‍ය සුහදත්වයයි. ශ්‍රී ලාංකික බැඳීමයි.

ජාත්‍යන්තරයේ ඉතිරිව සිටින කොටි ත්‍රස්තවාදීන්ට අවශ්‍යය වන්නේ මෙම
අන්‍යොන්‍ය සහජීවනය බිඳ දමා රට නැවත අගාධය කරා ගෙන යාමටයි.

මේ සඳහා, ඔවුනට නොවෙනස්ව සැමදා සහාය වූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත්
ජාතික පක්ෂයත්, තම අදහස් සහ මතවාදයන් වෙනස් කරගත් ජනතා විමුක්ති
පෙරමුණත්, සරත් ෆොන්සේකා මහතාත් එක්ව සංධානයක් ගොඩ නගා ගෙන ඇත. මෙයට සහාය
දක්වන අනිකුත් කණ්ඩායම් ලෙස මේ වනවිට පිරබාහරන් සමග සම්බන්ධතා පවත්වා
ඔහුගේ ගුණ වර්ණනා කළ රාවුෆ් හකීම් ද, සෘජුවම කොටින්ට සහාය දැක්වූ මනෝ
ගනේෂන් සහ සම්බන්ධන් ද එක් වී ඇත. මෙම සංධානයේ පාර්ශ්ව අතර ඇති වී තිබෙන
එකඟතාවයන් කවරක් වුවත් ඒවා රටට කෙසේ වෙතත්, ත්‍රස්තවාදයට යළි හිස එසවීමට
උපකාරී වන ඒවා විය හැකි බව ඔවුන් මේ වන විට කරන ප්‍රකාශ වලින් තේරුම් ගත
හැක.

මෙම සංධානයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ද මේ මොහොත වනවිට
කරනප්‍රකාශ සහ ඔහු එකතු වී ඇති පාර්ශ්වයන් ගැන සලකා බලන විට, යම් හෙයකින්
ඔහු ජනාධිපති ධූරයට පත් වුවහොත්, තමා මීට පෙර යුද්ධයේදී විනාශ කර දැමූ
පිරබාහරන් පිළිබඳව වුවද, ඉතිරිව සිටින කොටි ත්‍රස්තවාදීන්ට වාසි වන
ආකාරයේ ප්‍රකාශයන් සිදු කර, ඔවුනට යළි හිස එසවීමට අවශ්‍ය පරිසරය සකසනු
ඇත. එමගින් සිදු වන්නේ දැනට ඉතා අසීරුවෙන් ගොඩ නගා ගනිමින් පවතින උතුරු
දකුණු අන්‍යොන්‍ය සහජීවනය අවුල් වී ගොස් රට නැවත යුද්ධයක් කරා ගමන්
කිරීමයි.

අනෙක් පසින් සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය කුමක්ද?

ඔහු මේ වන විට ක්‍රියාවෙන් ඔප්පු කර ඇත්තේ, මෙරට නැවත ත්‍රස්තවාදයකට හිස
එසවීමට ඉඩ නොදෙන බවයි. දැනට සිදු කරන උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු තව
දුරටත් ඉදිරියට ගෙන යමින්, මෙතෙක් කලක් යුද්ධයෙන් බැට කෑ ජනතාවට යහපත්
ජීවන තත්ත්වයක් උදා කරදෙන බවයි. එමගින් සැම සිතකම ශ්‍රී ලාංකීය සහජීවනය
ඇති කරන බවයි.


කොටි ත්‍රස්තවාදීන් යළි හිස එසවීමට මාන බලන මේ මොහොතේ අප කළ යුත්තේ
කුමක්ද? මේ වන විට රට තුළ සෙමෙන් සෙමෙන් ගොඩ නැගෙන සාමය සහ සමගිය
පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමද, එසේ නැතහොත් ජනතාවට හෝ රටේ පැවැත්මට
දැඩි ලෙස බල නොපාන කාරණා ගැන සලකා බලා, අප රට නැවත අනාරක්ෂිත තත්ත්වයකට
ඇද දැමීමද?

බුද්ධිමත්ව සිතන්න. තීරණය ඔබ අතේය.

................................................


ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 2 කට ආසන්න කාලයකි

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

5 comments:

  1. ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 2 කට ආසන්න කාලයකි

    ReplyDelete
  2. http://w3lanka.blogspot.com/2010/01/blog-post_3114.html

    ReplyDelete
  3. ඔය "ගාල්ලෙ විජේසේකර" මහත්තයටත් බ්ලොග් එකක් පටන් ගන්න කියන්නකො. එතකොට එතුමාට කෙලින්ම ඔය අදහස් කියන්න පුලවන්නේ :D

    බය නැතුව තමන්ගෙ නමින්ම දාන්න නුවරපාර අයියෙ, ඔයාට කවුරුත් මුකුත් කියන්නෙ නෑ අදහස් පල කරනවට. ඇයි බයයිද?

    ReplyDelete
  4. Kohomath dinanne SF. ekane me MR kisi prathipaththiyak nathuwa kegahanne.

    ReplyDelete
  5. @ ඇට මැස්සා,

    පාහර මිනිහා, කලවැද්දා

    ReplyDelete