Friday, January 22, 2010

ජෙනරාල් ගෙ දේශපාලන ආගමනය සහ අපේ අනාගතය

මෙයද අප වෙත එවන ලද්දේ ලලිත් මහතා විසිනි.

ජෙනරාල් ගෙ දේශපාලන ආගමනය සහ අපේ අනාගතය

ප්‍ර: ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීම උචිතද?

පි: මේක ප්‍රජාතාන්ත්‍රවාදී රටක්. අවෂ්‍ය සුදුකම් සපුරන ඕනෑම කෙනෙක්ට ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට තියන අයිතිය ෆොන්සේකා මහතාටත් තිබිය යුතුයි.

ප්‍ර: හිටපු හමුදා නායකයන් මෙසේ දේශපාලකයන් වීමේ වරදක් නැද්ද? වෙන රටවලත් මෙවැනි දෑ සිදු වෙනවාද?

පි: හිටපු හමුදා නායකයන් දේශපාලනයට පැමිණීම වෙනත් රටවලත් සිදු වී තිබෙනවා. පකිස්තානයේ පර්වෙස් මුෂාරෆ් එක නිදසුනක්. සිංගප්පූරු අගමැතිත් හිටපු

බ්‍රිගේඩියර් ජෙනරාල් වරයෙක්.

ප්‍ර: ඔවුන් සියල්ලම සාර්ථක, ජනප්‍රසාදය දිනා ගත් දේශපාලකයන් වූවාද?
පි: සමහරු, හැමෝම නෙවෙයි. ඉඩි අමින් සහ හිට්ලරුත් හමුදා සේවයෙන් දේශපාලනයට පැමිණි අය.

ප්‍ර: ෆොන්සේකා මහතා දේශපාලනයට නුසුදුසු යැයි රජයේ මැති ඇමති වරුන් කරන ප්‍රකාශයම නේද ඔබ මේ කියන්න හදන්නෙ?

පි: නැහැ. සමහර හමුදා පාලකයන් සාර්ථක දේශපාලකයන් වූ බව මා කීවා නෙ.

ප්‍ර: එසේනම් ඔබ මොකක්ද මේ කියන්න හදන්නෙ?

පි: හමුදා සේවයේ යෙදී සිටි නිසාම කෙනෙක් අනිවාර්යෙන්ම සාර්ථක දේශපාලකයකු වෙන්නේ වත්, අසාර්ථක දේශපාලකයකු වෙන්නේ වත් නැහැ. එය එක් එක් පුද්ගලයා මත තීරණය වෙන දෙයක්.

ප්‍ර: අපට හිටපු විශිෂ්ඨම හමුදාපතිවරයා තමයි ජෙනරාල් ෆොන්සේකා. අත් දැකීම් වලින් පිරිපුන් ඔහු අනිවාර්යෙන්ම සාර්ථක දේශපාලකයෙක් වෙනවා. නැද්ද?

පි: ෆොන්සේකා මහතා විශිෂ්ඨ හමුදාපතිවරයෙක් බවට විවාදයක් නැහැ. නමුත් ප්‍රජාතාන්ත්‍රවාදීව රටක් පාලනය කිරීම සහ හමුදා නීතිය යටතේ හමුදාව පාලනය කිරීමත් සම්පූරණයෙන්ම එකිනෙකට වෙනස් දෙයක්. ඒ සඳහා තිබිය යුතු හැකියාව සහ පලපුරුද්දත් එකිනෙකට වෙනස්. විදුහල්පති වරුන්, විශ්වවිද්‍යාල කුලපති වරුන්, විශාල වෙලඳ ව්‍යාපාර කළමනාකරුවන් වැනි තම තමන්ගේ කෙෂේත්‍ර වල විශිෂ්ඨයනුත්, අනිවාර්යෙන්ම සාර්ථක දේශපාලකයන් වෙන්නේ නැති බව අපි අත් දැකීමෙන් ම දන්නවා.

සරල නිදසුනක් කිව්වොත්, කෙනෙක් විශිෂ්ඨ පිහිණුම් ක්‍රීඩකයෙක් වීම නිසාම ඔහු සාර්ථක ක්‍රිකට් හෝ චෙස් ක්‍රීඩකයකු වෙන්නෙ නැහැ.

ප්‍ර: ඔබ මේ මොනවද කියන්නෙ? ජනප්‍රසාදය දිනා ගත් සාර්ථක දේශපාලකයන් අතර හමුදා සේවයෙන් පැමිණි අයත් සිටි බව ඔබම කීවා?

පි: විශිෂ්ඨ හමුදා සේවාවකින් පසු දේශපාලනයට එක්වූ සමහරු සාර්ථක, ජනප්‍රිය දේශපාලකයන් වුනා. තවත් සමහරක් අසාර්ථක, ජනතා පිළිකුලට ලක් වූ දේශපාලකයන් වුනා. හමුදා සේවයේ විශිෂ්ඨත්වය ලත් නිසාම, කෙනෙක් ජනප්‍රසාදය දිනා ගත් ජනහිතකාමී දේශපාලකයෙක් වෙන්නේ නැහැ. මා කිව්වේ එයයි.

ප්‍ර: එසේ නම් ෆොන්සේකා මහතා ජනප්‍රසාදය දිනා ගන්නා, අවංක දෙශපාලයකු වෙන බව පෙන්වීමට අපි අවස්ථාවක් දිය යුතුයි?

පි: අනිවාර්යෙන්ම.

ප්‍ර: එසේ නම් ඔබ ෆොන්සේකා මහතාට මෙවර ඡන්දය දෙනවා?

පි: කිසිසේත්ම නැහැ.

ප්‍ර: ඒ ඇයි?

පි: කෙනෙකුගේ හොඳ නරක උරගා බැලීමට ජනාධිපති ධූරය ලබා දීම අතිශයින්ම අවදානම් සහගත, අණුවන ක්‍රියාවක්. උදාහරණයකට කියනවා නම්, විශිෂ්ඨ පිහිනුම් ක්‍රීඩකයෙක්, එක්වරම අපගේ ක්‍රිකට් කන්ඩායමේ නායකත්වයට පත් කිරීම වගේ.

ප්‍ර: ඔබ කීවා නේද හමුදා සේවයෙන් පසු දේශපාලනයට එක් වී ජනප්‍රසාදය දිනා ගත් රාජ්‍ය නායකයන් වූවන් සිටි බව?

පි: ඔව්. ඇත්තෙන්ම ඔවුන් එක්වරම රාජ්‍ය නායකයන් වූයේ නැහැ. ඔවුන් ක්‍රමක්‍රමයෙන් දේශපාලනයේ ඉහළට පැමිණි අය. ඔවුන් සාර්ථක රාජ්‍ය නායකයන් වීමට හෙතු වූයේ කලක් තිස්සෙ දේශපාලනයේ යෙදෙමින් මහජන ගැටළු විස‍ඳෙමෙන් ලබා ගත් දේශපාලන අත් දැකීම සමුදායයි. හමුදා මානසිකත්වයෙන් මිදී ප්‍රජාත්‍රාන්ත්‍රවාදීව සිතීමට හා ක්‍රියා කිරීමට හැකි වන්නේ, කලක් තිස්සේ ප්‍රජාතාන්ත්‍රවාදී දේශපාලනයේ යෙදීමෙන්. ඔවුන්ව අගයීමට මහජනතාවය අවස්ථාවක් ලැබැන්නේ එවිටයි.

අනිත් අතට, හමුදා සේවයෙන් එකවරම ජනාධිපති ධූරයට පත් වූවන්ගෙන් අතිශය බහුතරය, අසාර්ථක, ඒකාධිපතිවාදී, ප්‍රජාත්‍රාන්ත්‍ර විරෝධී නායකයන් වුනා.

ප්‍ර: හොඳයි......යුධ හමුදාවේ දූෂණ නැති කර, විනය නැංවූ ලෙසටම දේශපාලන ක්ෂේත්‍රයේත් දූෂණ නැති කර, විනය ඉහළ නංවන බව ෆොන්සේකා මහතා පොරොන්දු වුනා. මේ සඳහා ෆොන්සේකා මහතාට අවස්ථාවක් දිය යුතුයි?

පි: හමුදාවේ දූෂණ නැති කර, විනය නැංවීම එක දෙයක්, දේශපාලන ක්ෂේත්‍රයේ එය කිරීම වෙනමම දෙයක්. ඉහළ නිලධාරීන්ගෙන් එන නියෝග අනිවාර්යෙන්ම පිළිපැදීම සහ විනය කඩ කරන්නවුන්ට දැඩි දඬුවම් පැමිණවීම හමුදා සේවයේ පිළිවෙතයි. එවැනි දැඩි රාමුවක් යටතේ දූෂණ නැති කිරීම සහ විනය නැංවූ පමණින්, ඊට ඉඳුරාම වෙනස්, ලිහිල්, ප්‍රජාත්‍රාන්ත්‍රවාදී රාමුවකින් යුත් දේශපාලන ක්ෂේත්‍රයේ දූෂණ නැති කිරීම සහ විනය නැංවීමට හැකියාවක් ගෙන දෙන්නේ නැහැ.

ප්‍රායොගික නිදසුනක් ගනිමු. හමුදාපති ට අවනත නොවන හමුදා සෙබෙලෙක් ට අනිවාර්යෙන්ම දැඩි දඬුවම් විඳීමට සිදු වෙන නිසා, හමුදාවේ එවැනි දේ සිදු වෙන්නේ නැහැ.නමුත් ජනාධිපතිට අවනොත නොවන මංත්‍රී වරයෙක්ට එවැනි දඬුවම් දීම ඉතා අපහසු දෙයක්. අවෂ්‍ය නම්, ජනාධිපතිට විරුද්ධ වී විපක්ෂයට එකතුවීමටත් පුළුවන්. හමුදාවේදී නම්, මෙය ද්‍රොහීවීමක් සේ සලකා මරන දඬුවම නියම වෙනු ඇත. චූදිත හමුදා සෙබළුන්ට, හමුදාපති වරයාට විරුද්දව අධිකරණයට යාමට තිබෙන අවස්ථා ඉතා සීමිතයි. නමුත් දේශපාලනයන්ට ඕනෑම අවස්ථාවක අධිකරණයේ සහය ලබා ගත හැකියි.

ප්‍ර: ජෙනරාල් ෆොන්සේකා මහතා කියන දේ කරන, කරන දේ කියන, අවංක පුද්ගලයෙක්. අනිකුත් දේශපාලකයන් මෙන් ඔහු පුද්ගලික වාසියට ක්‍රියා නොකරන කෙනෙක්. හැම විටම රට ගැන සිතා ක්‍රියා කරන කෙනෙක්. ඒ නිසා ජනාධිපති ධූරයට ඔහු තමයි සුදුසුම?

පි: දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසු, ඔය අතින් ෆොන්සේකා මහතා අනිකුත් දේශපාලකයන් වගේමයි. 2009 මැයි මාසයේදී ෆොන්සේකා මහතා, වත්මන් ජනාධිපති සහ ආරක්ෂක ලේඛම් ව කෙතරම් වර්ණනා කළා ද? ඉන් මාස 6කට පසු, ෆොන්සේකා මහතා එම ජනාධිපති සහ ආරක්ෂක ලේඛම්ට කෙතරම් පරිභව කරනවාද?

අනිකුත් දේශපාලකයන් මෙන්, පිළ් මාරුවෙන් පසු තමයි ෆොන්සෙකා මහතාට ජනාධිපති සහ ආරක්ෂක ලේඛම් ගේ සියළුම වැරදි පේන්නෙ.

ෆොන්සේකා මහතාගේ ඉල්ලා අස් වීමේ ලිපියේ දක්වා ඇති හෙතු වලින් බහුතරය, ඔහුට සිදු වූ පෞද්ගලික කෙනෙහිළි. නාස්තිය, දූෂණය, රාජපක්ෂ සමාගම ගැන වචනයක් වත් එහි නැහැ. නමුත් අද ෆොන්සේකා කියන්නේ පුද්ගලික හෙතු නිසා නොව, දූෂණය නැති කිරීමට මේ තීරණයට පැමිණි බවයි.

ෆොන්සේකා මහතා, තමන්ට සියළු බලතල වලින් පරිපූර්ණ ආරක්ෂක ප්‍රධානී (CDS) තනතුර අපේක්ශාවෙන් සිටි කාලයේදී, රාජපක්ෂ පාලනය ගැන එකම එක වරදක් වත් පැවසුවේ නැහැ. නමුත් ඔහු බලාපොරොත්තු වූ තරම් බලතල නොලැබුන විට තමයි ඔහු රාජපක්ෂ පාලනයේ සියළු වැරදි දකින්නෙ පටන් ගත්තේ.

මේ හැසිරීම් වලින් අවංකත්වයක් කිසි සේත්ම පිලිඹිඹු වෙන්නේ නැහැ. අනිත් අතට, අද ඔහු එල්ල කරන චෝදනා සත්‍ය නම්, ඔහු මීට මාස 6කට කලින්, තමන්ගෙ පුදගලි වාසියට සහ බල ලෝභය වෙනුවෙන්, රාජපක්ෂ පාලනයෙන් රටට වෙන හානි ගැන කතා නොකළ කෙනෙක්.

ආරක්ෂක ලේඛම් සහ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන්ගේ නම් ඈඳා යටත් වීමට පැමිණෙන කොටි සාමාජිකයන්ට වෙඩි තෑබූ බව කියවෙන ප්‍රකාශයක් සන්ඩේ ලීඩර් පුවත් පතට කීමෙන්, ෆොන්සේකා මහතා පෙන්වූයේ රටට අහිතකර, රණවිරුවනට අහිතකර දේ වුවද ඔහු තම දේශපාලන වාසි සඳහා කරන බවය. ඉන්පසු, මහජනතා අප්‍රසාදය මඟහරවා ගනු පිණිස ඔහු මහජනතාවද ‍රැවටූයේ, ලීඩර් පුවත් පතට එරෙහිව නඩු දමන බව ප්‍රසිද්ධියේ කීමෙනි. රට ගැන සිතන පුද්ගලයින් මෙලෙස හැසිරෙන්නේ නැත.

ප්‍ර: ජෙනරාල් වරයා යොදා ගන්නේ ඡන්ද ලබා ගැනීමටයි.

පි: මෙයම ජනතාව ‍රැවටීමක්. ජනතාව ප්‍රතික්ශේප කරන පක්ෂ කීපයක්, තම නමින් ඡන්දය ඉල්ලා ජයග්‍රහනය කිරීමට නොහැකි නිසා, "ජෙනරාල් දවටනයේ" වෙලී ඡන්දය ඉල්ලා, ජෙනරාල් වරයා මාස 6කින් ඉවත් කිරීමට සලස්වීමම ජනතාව ‍රැවටීමක්.

ප්‍ර: ඔබම කීවා නේදා ෆොන්සේකා මහතාට අවස්ථාවක් දිය යුතු බව?

පි: ඔව්. ඔහු මංත්‍රී වරයකු වී, දේශපාලනය කිරීමෙන් හා ඔහු පොරොන්දු වූ දූෂණ නැවැත්වීම, විනය නැංවීම වැනි දේ ක්‍රියාත්මක කරන අයරු ජනතාවට බලා ගත හැකි වනු ඇත. දැනට ඔහුට සහය දෙන එක්සත් ජාතික පක්ෂයේ ජෙෂ්ඨ තනතුරක් හොබවා, දූෂණ නැවැත්වීම, විනය නැංවීම ක්‍රියාවෙන්ම පෙන්වීමට හැකියාවක් ෆොන්සේකා මහතාට තිබිය යුතුය. එසේ නැතහොත් තමං ගේම පක්ෂයක් ආරම්භ කර, දූෂණ නැවැත්වීම සහ විනය නැංවීම කරනා අයුරු පෙන්විය යුතුය.

12 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. do not publish this type of comments macho.

    i want to ask something from you. we should do something to convince our forum readers (elakiri)and face book.

    Can u give me ur few of ur good posts to publish among those forums?

    No need to publish this. just reply me to ma email

    Thejan

    ReplyDelete
  3. සඳහන් කරන ලද සියළු කාරණා මම අනුමත කරනවා.

    ReplyDelete
  4. කුණුහරුප කමෙන්ට් පබ්ලිෂ් කලාම නරක් වෙන්නේ මේ බ්ලොග් එකේ තත්වයයි. ඒ නිසා කුණුහරුප ලියපුවා අයින් කරන්න කියලා මම නුවර පාරෙන් ඉල්ලා සිටිනවා. ඔබේ බ්ලොග් එකේ හොඳ නම රැකගන්න.

    ReplyDelete
  5. අනිවාර්යෙන්ම..බුද්ධිමය සංවාදයක් විදියට මම මෙය දකිනවා.

    ReplyDelete
  6. ඉල්ලිමට එකග වෙමි. එය ඉවත් කරමි

    ReplyDelete
  7. මෙහි සදහන් කර ඇති සියළු කාරනා මමත් 100% ක් අනුමත කරනවා.
    එසේනම් :-
    1 ප්‍ර. දැනට මේ පවතින MR පාලනය හොදද ?

    2 ප්‍ර. ජනාධිපති පති ධූර කාලය තව අවුරුදු දෙකක් තිබියදි එක් වරම මෙවැනි ජනාධිපති වරනක් පැවැත් වීමට හේතුව කුමක් ද ?

    3 ප්‍ර. දැනට පවතින රාජපක්ෂ සමාගම විසින් සිදු කර ඇති දූෂන හා නාස්තිය පිලිබදව කුමක් කිව හැකද ? ( මිහින් ලංකා ,හෙජින් ගිවි.. ,... )

    මගෙ මතයනම් මේ දෙදෙනාම මේ ජනාධිපති ධුරයට සුදුසු නැති බව
    JR ගෙන් පසු තවමත් ලංකාවට සුදුසු නායකයෙත් බිහිවී නැති බවත්ය.

    ReplyDelete
  8. @මනුශාන්
    ඔබගේ ගැටලු වලට පිළිතුරැ කලින් ලිපියකින් දක්වා ඇත

    http://kandyroad.blogspot.com/2010/01/blog-post_9025.html#comments

    ReplyDelete
  9. @මනුශාන්
    සමාවෙන්න වැරදිමක්, පහත බැදිය බලන්න
    http://kandyroad.blogspot.com/2010/01/blog-post_21.html

    ReplyDelete
  10. එහෙත් මෙහෙම ප්‍රශ්ණයක් තියෙනව. අද දේශපාලනයට අවතීර්ණ වෙන පුද්ගයින් දෙස බැලුවම සපුරාලිය සුදුසුකම් මොනවාද? වැඩිහරියක් ඉන්නෙ තක්කඩිකම් චන්ඩිකම් දූෂිත දේවල් හරහා ප්‍රතිරූප ගොඩනගාගත් අය. නැත්නම් නඵවො නිළියො. ඒ අයගෙන් කවුරුවත්විමසල නෑ විමසන්නෙත් නෑ දේශපාලන සුදුසුකම්. මැතිවරණයක් දිනන්න මේ වගේ අය සේම පහුගිය කාලේ හමුදා නිලධාරීන්ම රජය විසින් යොදාගනු ලැබුව. නායකත්වය විතරක් දේශපාලන සුදුසුකම් සපුරාලීමෙන් යහපාලනයක් ගොඩනැගිය හැකිද? නායකත්වයේ තීරණ ක්‍රියාත්මක කරන්නන්ට අවශ්‍ය නැද්ද? එහෙම නැත්නම් මේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්ණය තමාගේ දේශපාලන වුවමනාව ඉෂ්ඨ කර ගැනීම සඳහා යොදාගන්නක්ද? පරිනත යැයි කියන දේශපාලකයන්ගේ අපරිනත ක්‍රියාදාමයන් පක්ෂපාතීන්ට නොපෙනේද? මේ දවස්වලනම් ඉතාම බොළඳ මට්ටමේ දේවල් කරන්නෙ මේ පරිනත දේශපාලකයන්ගේ පරිනතභාවයේ මහිමයෙන්ද? සරත් පොන්සේකා සුදුසුවිය නොහැකිවාසේම ඔබට නොපෙනේද මේ පරිනත දේශපාලකයින්ගේ දැක්මේ පටුභාවය,‍බොළඳ ‍ස්වභාවය.ඇත්තෙන්ම විකල්පයක් නැත. අපිට අඵත් දේශපාලන සදාචාරයක් තුලින් මනුෂ්‍යත්වයෙන් පරිනත දේශපාලකයින් බිහිවීමේ අවකාශ ඇහිරී ඇත. කැහි ගෑනි හෝ හොටු ගෑනි සමග අනිවාර්යයෙන්ම දීග කන්න සිදුවීම ‍ශෝචනීය තත්වයකි.

    ReplyDelete
  11. අන්ත දුෂිත තුට්‍ටු දේකේ දේශපාලකයන් ඕන තරම් ඉන්නවා. එයාලගෙ ක්‍රියා කලාපය පහල මට්ටමේ දේශපාලනයේ යෙදෙනෙ කොටම ජනතාවට පේන නිසා ජනාධිපති දූරය වැනි අතිශය වැදගත් තනතුරකට ඔවුන්ව පත් වෙන්නෙ නැහැ.

    ෆොන්සේකා මොන විදියට දේශපාලන බලතල භාවිතා කරාවිද, මාධ්‍ය මර්ධනය කරාවිද නැද්ද, වගේ දේවල් ගැන අපිට සලකා බැලීමක් කරන්න ඉඩක් නැහැ. යුද හමුදාවේ සිටියදී ෆොන්සේකා මහතා තමන්ගෙ මතය පමණක් ක්‍රියාත්මක කරන, විරුද්ද මත වලට ඇහුන්කම් නොදෙන, ආකරයේ පාලනයක් ගෙන ගිය බව ඒකාලෙම වාර්තා වෙච්ච දෙයක්. දරුණු යුද්ධයක යෙදී උන් යුධ හමුදාවට නම් ඒ ක්‍රමයෙ කිසිම වැ‍රැද්දක් නැහැ. නමුත් ජන නායකු වීම මීට ඉඳුරාම වෙනස්. ෆොන්සේකා මහතා මේ හමුදා පාලක මානසිකත්වයෙන් මිදී ප්‍රජාතාන්ත්‍රවාදී, විරුද්ද මත වලට ඇහුම්කන් දෙන, විරුද්ද වාදීන් සමඟ වුවද සහයෝගයෙන් කටයුතු කළ හැකි පුදගලයෙකු බවට පත් වී ඇති බවට අපිට දැන ගැනීමට හැකියාවක් නැහැ.

    ReplyDelete
  12. ou machan ou. Api fonsekata chande nodeee, horata licen demu neda, ela mchan ela

    ReplyDelete