Tuesday, February 9, 2010

සරත් අත්අඩංගුවට ගැනීම .....

තිස් වසරක සාප ලත් කැරැල්ල නිම කරීමට මහත් සේ සේනාධි නායකයට, පාබල යුධ හමුදාවෙන් දිය යුතු උපරිම සහාය කිසිදු පැකිලිමකින් තොරව ගෙන දුන් ඒ මහා සෙන්තපති මෙවන විට යුධ හමුදා පොලීසය විසින්ම අත්අඩංගුට ගෙන ඇත. ලක්ෂ ගනනක හමුදාවකට නායකත්වය මෙන්ම මනා වු ආදර්ශයක්ද දුන් ඒ වීර සෙන්පතිට ලක්මාතාවගේ ජනතාවගෙන් හිමි වියු යුතුව තිබුණු වටිනාකම නොඅඩුව ලබාදුනි. එහෙත් එම සම්මානය තම දෝතින් දාර යැමට හැකි වුයේ මාස අටක් වැනි ඉතා සුලු කාලයකි.

යන එනම් නැතිව, කරකියා ගත නොහැකිවු මෙන්ම දේශපාලන අතින් කුජිත වු හා තරැණ පෙලක් එක් නොවු ඉතිහාසය තුල ලක් මව්ට මහත් සේ අභියෝග කල ඒ නරැම ජවිපේ සමග ගොඩනගා ගත් පාපකාරී වු මිතු දම කෙලවර කරනු ලැබුවේ තමන් විසින්ම ගොඩ නැගි හා ලොව වඩාත්ම නිති ගරැක යුධ හමුදාවේම සිරකරැවකු ලෙසය. දෛවයේ සරදමක් දෝ? ..

ඉදින් ලක් මවුනී ඒ පාපතර මිතු දමට පාර කැපීම ඇරඹුවේ, රජයේ තනතුරක් දරන සමයේම බව මංගල තම මුල්ම අවමංගල කතාව කරමින් පැවසුවේය. මෙම කරනා ගැන යම් යම් මත තිබුනත් දැන් සියල්ල හමාර වී ඇත. සේනාධිනයකාටය අභියෝග කල සෙන්පති ලෙස ඉතිහාසය තුල ලිය තබන්ට උපකාරි වු ජවිපේ කුජ්ත වු උපායේ තරම දැන් ඔබට තේරෙන්නේද?

තම මව් බිමට කල යුතු යුතුකම ඔනවටත් වඩා කරන ලද සරත් නම් වු ඒ සෙනවියාට මෙ ඉරණමට ගොදුරැ කරදිමට මංපෙත් විවර කර දුන්, ලේ පිපාසිත ජවිපේ දැන් නැවතත් රට ආපස්සට ඇදගෙන යාමට උත්සාහ දරයි. ලත් පරාජය වසා ගැනිමේ අරමුනේන් ජවිපේ අදහසකට අනුව රටට හතුරැ කියමනක් ලොව සුපතල BBC යට කීමට තරම් සරත්ට හයියක් අවේ කොහින්ද? තම දහඩිය මහන්සියෙන්ම ගොඩ නගා මව් බිමෙන් කුරිරැ කම පන්නා දැමිමට තරම් උපකරිවු එක්ව වැඩ කීරිමේ න්‍යයය ගිලිහි ගියේ කෙසේද? පාවා දීමට විරැද්ධව විශ්ව විද්‍යල තුල නවක නම්‍යකරණය උපදෙස් දෙන ජවිපේ, සර්තට රට පාවා දීමට කියා දුන්නේ කෙසේද? පරාජයෙන් බේරිමට එකම මග මෙය යයි සරත් සිතුවාද්ද?

සරත් යනු හිටපු සෙන්පතිය. ඔහු කරන කියන සටහන් එසේ මෙසේ ඉවත දැමිය නොහැක. එකල සුදු කොඩි කතා කියා නැවතත් මෙවන් කතාවක් කීමට තරම් ශක්තියක් කොහින්ද? පෙනේද ජවිපේ හැතිකරය සරත් නම් වු මාහා සෙන්පති පුම්බා තැබු තරම. දැන් ඉදින් එයින පාඩුව විදින්නේ කවුරැන්ද? මුලු රටම මෙම කරැන හා මුලින් ශෝක වුවුත් මොහු කල පුකාශය සමග එම අත්අඩංගුවට ගැනිම සාධාරනයයි කියුනුයේ සරත්ට වඩා මව් බිමේ ගරැ කරන නිසාමය. සරත් ෆොන්සේකා නැමැති හිටපු ඒ විරැවා මෙරට ජනතාවම තවම අමතක කොට නැත. එහෙත් ජවිපේ න්‍යයයට වැඩ කරන සරත් අපිට එපා යයි කීමට ඔවුන් පෙරමුණ ගනි.

ඉදින් මේ මවු බිමට දැන් මෙරට තුලම හතුරැක්ම් කර ලේ මතින් ඉදිරයක් ගොඩ නැගිමට යන නරැම ජවිපේ ඉතිහාසය තුල ලියවෙනුයේ කිනම් තැනකද? සරත්ට හිමි තැන අහිම කර දුන් මොවුන්ට ඉපදීමට අපායක් සෑදිය යුතුය. ජනතාව තුල දැන් කිසිසේත්ම සරත් අත්අඩංගුවට ගැනීම පිළබද දෙගිඩියවක් නැත. මන්ද ඔහු ඇත්තටම වරදක් කර ඇත.

බලයට මුසප්ත විමේ ආදීනව දැන් ඔබට තේරැම් ගත හැකිද? බලය යන සංකල්පය මත මහින්ද සරත් කවුරැත් එකම මට්මමේය ... කෙනෙකු තම බලය රැක ගැනිමට මෙන්ම තව කෙනෙකු තම බලය අත් නොහැරිමටත් බොහෝ දේ කරයි. එත් ඔහුට තම රට බලය හමුවේ, ලොව පහල තැනකට ඇද දැමිය හැකිද? මේ යන ගමන හැට ලක්ෂය තවතවත් වැඩි කරනු ඇත ..

1.ආරක්ෂක මණ්ඩලයේ සිටම ජනපතිට එරෙහිව කුමන්තුණ දියත් කල හැකිද?
2.එක්ව කල මෙහෙයුමේ තම සහෝදර හමුදාව පාවා දිය හැකිද?
3.ලොව හමුවේ මගේ මව් බිමට අවමන් කරන්නේද?
4.ඒක් අයකුගෙ තරහක් පිරිමහන්ට අප සතු යුධ හමුදාවම පවා දෙන්නෙමුද?

පසුව ලියමි
නුවර පාරට ඔනා සිංහල කියවන කට්ටිය දැනුවත් කීරිම පමණිය. මන්ද මෙරට තුල වාසය හා දර දිය අදින්නේ මෙරට උන් හින්දා. ඔය බටහිට මිතු දම් දක්වන කට්ටිය සියල්මටම ඔනා, සුද්දගෙන් ලකුණු දාගන්න, මන්ද ඒයලා ගෙ නෑ පරපුර හින්ද, අපි කරපු යුධ අපරදෙ තමයි පිරිබාහරන් මරපු ඒක. ඔකට ඉතින් මෙරට ෙනාරැටියනුත් කැමති නැහැ. මන්ද ඒයලගෙ ගැලවුම් කාරය තමයි අපි මරලා දැම්මෙ. රටට ගැටලුවක් ඒන වෙලාවට ඒක මහින්ද හා සරත් කියලා බෙදන්න බැහැ. උබට සියල්ලම මෙ වැරදි වැඩ වලට ඉඩ දීලා බලං ඉන්නවද? නැහැ මෙව්වා මෙහෙ ම වෙන්න දෙන්න බැහැ. තව ටික දවසකින් උනෙගන් ලකුණු දාගන්න තව ඒකෙක් රටට තුල අරවා උනා මෙව්වා උනා කියයි.

මතක තියගන්න දැනටත් විශාල ගණනක් රටට හතුරැකම් කරමින් බටහිර පුරවැසි තුරලෙ නැලවෙන්න යනවා. නිකන්ම යනව නම් කමක් නැහැ. කියන් තියන සියලුම ජරා කතා මව් බිමට විරැදධව කියනවා. උබලා මෙව්ව අනුමත කරනවද? උබලා පුජාතන්තුවාදය ෙහායනවා, දන්නෙම නැහැ මවි රට බටහිර හිවල්ලු ගිල ගන්නවා.

සුද්දන්ව දැනුවත් කරන්න ඔනා. ඉස්සෙල් රටවැසිය දනගන්න ඔන මක්කැයි උෙන් කියලා. නැතුව ඉස්සෙල්ලා සුද්දට කතා කරන්න ගියොත් රනිල්ට උනු දෙ තමයි වෙන්ෙන් ...

නිකම් කියන්නම් වාලෙ කියන්ෙන් නැතුව, හිතන්න ...... තරැ 4 ද රටද? තරැ 4 ට 8 බිහි කරන්න පුලුවන් මව් රට තියනවානම්, නැත්නම් ඉතින් ඒව්වත් අානායනය තමයි. ඔව්වට කැමති කට්ටයත් ඉන්නවා. ඒයාල තමයි හැම තිස්ෙසම මව් රට දෙවෙනි තැනට දලා සුද්දව ඉස්සර කරන් ගමනක් යන්න හදනෙන්.... දනුත් මෙ බෙදිම මහින්ද හා සරත් කියාල ජනපතිවරණය තුල තබුණ ඒක ෙනෙමයි. දැන් පිල් දෙක රටද ? රටට පාවා දුන් හා දෙන අයද කියන ඒකයි. ඔය කරන වැඩ වලින් වෙන්ෙන් රජයට අනවශ්‍ය බලයක් ඉදිරි මැතිවරණයකින් අරන් දෙන ඒක .. ලක්ෂ 60 දැන් 65 ට දක්ව වැඩිව නු බව ෙනාඅනුමානය ... මන්ද තාමත් ජනතාව කතා කරන්ෙන් සිංහල ...

Monday, February 8, 2010

සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට - යුධ හමුදා පොලීසිය

දැන් සුලු මොහොතකට පෙර ෆොන්සේකා මහතා යුධ හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට අරන් කියලා දැනගන්න ලැබුණා. 2010/02/08 ප.ව.10.30

දැන් මෙකට හේතුව මොකක්ද කියලා කියන්න පුලුවන් ද?
විපක්ෂයේ අය කියයි. පජාතන්තුවාදය නැති කරනවා කියලා, අණ්ඩු පක්ෂයේ අය කියයි, වැරදි කලා නම් දඩුවම් දෙන්න ඔනා කියලා. ඔය අතරේ රනිල් කියයි හොද වැඩේ කියලා. මංගලත් ෆුල් සපෝර්ට් එක දෙයි මේකට.

තව දෙයක් යුධ්දය හා සම්බන්ද සංවේදි දේවල් මෙයා අනික් අයට සිල් කරලා දීලා තියනවා ....

ලක්ෂමන් හුලුගල්ල මහතාට අනුව හේතු
1.ජනපතිට විරැද්ධව කුමන්තුණය
2.රාජකාරි සමය තුල දේශපාලණය
3.යුධ හමුදාව තුල බෙදිම් ඇති කිරීම

ජවිපේ රට තුල ලේ වැගිරිමකට සැරසෙයි. මෙයට හසු නොවන්න

සිංහල බ්ලෝග් කරණයට එක්වු අලුත් මග ...

ඕනෑම පිළිගත හැකි වෙනස්කමට හිස නමමි.

සිංහල බ්ලෝග් කරණය තාම ගොඩනැගෙමින් පවතින කලාවකි. සිංහලෙන් අකුරැ කල අපට අලුත් අද්දැකිමකි. අපි සිංහල බ්ලොග් කරණයේ නවමු මං මාවත් තවමත් සොයා බලමින් හා අත්හදා බලමින් සිටිමු. පසුගිය කල එක්වු දේශපාලන ලිපි සිංහල කරණයතුල අමුතු අලංකාරයක් හෝ එපා විමක් ඇති කරන ලදි. බොහෝ දෙනකු එපා විමක් ගැන කිව්වත් ඒ බොහෝ දේශපාලණ ලිපි ගොඩ දෙනෙක් කියවන්ට ඇති බව විශ්වාසයයි.

දැන් සිංහල බ්ලොග් කරනය අලුත් පිම්මක් පැන ඇත. මෙය වු කලී ලිපියකට පිළිතුරැ ලිපියක් ලිවිමේ කලාවයි. නුවර පාර මුල් වරට මෙය හැදින ගන්නේ "ලංකාව බහු {ජාතික, සංස්කෘතික, ආගමික} රටක්ද?" යන ලිපිය මගිනි. සමහර විට [මෙම නව මග මීට පෙරද තිබෙන්නට ඇත එසේ තිබණේ නම් නිවැරදි කරන්න]. මෙම ලිපියට පෙර මෙ ගැන ලිය තුබුනේ උරැමය බ්ලොග්යේ http://manojcola.blogspot.com/2008/10/blog-post_23.html යන ලිපිය මගිනි. එහෙත් එය බොහෝ පැරණි 2008/10 වෙනි මස ලියු ලිපියකිනි.

නමුත් ඊට වසර ගනනාවකට පසු නුවර පාර ලියු මෙම අලුත් ලිපියට මුල්ම පිළිතුරැ ලිපිය ලියනුයේ නැවතත් උරැමය බ්ලොග්යේ http://manojcola.blogspot.com/ මගිනි. පුලස්තිගෙ සටහන මගින් http://pulasthigetheeruwa.blogspot.com/2010/02/blog-post.html ලිපිය දෙවන වරට පිළිතුරැ ලිපියක් ලියයි. එහෙත් නුවර පාර මතයට විරැද්දව ලිපියක් ලෙස එය අර්ත ගැන් විය හැක. එලෙස තවත් ලිපියක් පන්හිඳ සමඟ මහින් http://panhinda-samaga.blogspot.com/2010/02/blog-post.html ලිපිය එක් කරන ලදි. ඔය සෑම ලිපියක්ම එකිනෙක වෙනස් වුවත් මුලීක කරනය ලෙස බහු යන්න චිචාරයට ලක්කර තිබුණි. මෙම නව ආරක සිංහල බ්ලොග් කරණයේ මුල්ම සම්මානය උරැමයට හිමි වනු ඇත.

තවත් එක් උදාහරණයක් ගෙන හැර දක්වන්නෙමි. එනම් නුවර පාර තුලම ලියන ලද "සම තැන හොයන්න ගිහින් හිමි තැනත් නැති කරගත් අපේ ගැණු" ලිපියට අලුත් අර්තකතනයක් සිහිතව තරිදු විසින් http://mihisara.net/achchaaru/2010/02/ පිළිතුරැ ලිපියක් ලියනුයේ බුදු දහම එක් කරගනිමිනි. තවත් එය වෙනත් අතකට අර්ත ගන්වමින් තවත් පිළිතුරැ ලිපියක් අනන්තය ලියුම් කරැ http://ananthayata.blogspot.com/2010/02/blog-post_08.html එක් කරන ලදි. මෙ කලාව ඉතාම වටිනා දෙයකි. මන්ද මුල් ලිපියේ අඩු පාඩු හා සටහන් උපයෝගියෙන් දෙවන ලිපිය සාර්තකවද, තුන්වන ලිපිය ඊටත් වඩා සාර්තක ලෙසද ඉදිරිපත් කිරිමට හැකි වනු ඇත.

මෙම ලිපි ලියු කිසිවකු තමුන්ගේ අදහස් හොරා ගත්තා යයි නොකියනු නොඅනුමානය. මන්ද එකම කරැණ විවිධ පැතිකඩයන් ඔස්සේ විමර්ෂණයට ලක්විම, ලිපි ලියන කා කියවන කාටත් වැඩ දායක වනු ඇත. මෙවන් සදාචාර සම්පන්න ගමනක් යා හැකි බව දැන් මනා කොට පෙන්වා දීමට අප කාටත් හැකි වි ඇත. එකග මත හෝ විරැද්ධ මත දැරැවත් මා මෙම කරෑණ උලුප්පා දැක්විමට උත්සා කලේ මෙය කවුරැත් දැන ගතයුතු කාරනාවක් නිසාමය. තවද අලුතේන් ලියු ලිපිය පරණ ලිපියද මතක් කර තිබීම විශේෂ තත්වයකි.

තවත් උදාහරණ ඇත්නම් දක්වන්න ...

Saturday, February 6, 2010

උබත් පොජ්ජට හිනා වෙච්ච එකෙක්ද? එකීයක්ද?

පෙඩ්ඩක් වෙනස් විදිහේ ලිපියක් තමයි දැන් ලියන්න යන්නේ. මතකද කාලයක් අපිට රැපවාහණියේ වැදි නාට්‍යයය පෙන්නුවා. එක්ත එක්ක අපේ භාවිතයට වැඩිපුර එක් වෙච්ච වචනයක් තමයි "පොජ්ජ" කියන්නේ. දැන් අපි විහිලුවක් විදිහට තමයි මෙ වචනය යොදා ගන්නේ.

දවසක් මම විහිලුකතාවක් දැක්කා. සුද්දේකට සිංහල ඉගෙන ගන්න ඔන වෙලා අයෙක් ගෙන් අහපුවාහම කියනවා අපෝ හරි ලෙසියි හැම වචනයම පිටි පස්සේන් "එක" දාපුවහම හරි කියලා. මෙ කතාව හරියට හරි. මොකද ඔය "පොජ්ජට" අපි දාන වචනේ තමයි "එක" කියන්නේ.

කම්පියුටර් එක, වෑන් එක, බස් එක, බ්ලොග් එක,යුනිවර් සිටි එක

හැබැයි ඔය campus හෙවත් university එකට ඒ කාලයේ හිටපු සිංහල විද්වත්තු එකතු කරලා "සරසවිය" කියන වචනය එක් කරලා තියනවා. සමහර විට ඔය වගේ වචන තව ඇති. උදාහරණයකට පරිගනකය හා සම්බන්ද වචන වලටත් අලුත් සිංහල වචන එක්වෙලා තියනවා. සමහරක් අලුත් වචන භාවිතයට ලේසි උනත්, දැනටමත් ඒ වචන වල English වචන අහපු අයට නිකන් අලුත් වචන මඤ්ඤන් වගේ.

දැන් බලමු අපේ කතා විලාසය.
1.නොදන්නා කවුරැ හරි දුරකතනයකින් කතා කරපුවහම අහනවා "කොහෙන්ද කතා කරන්නේ කියලා?" හරියට බැලුවොත් උත්තරය "කටින්". එත් අප කවුරැත් පුරැදු වෙලා ඉන්නේ කතා කරන "පළාත" හරි "නම" හරි කියන්න.

2.අපි පාරේ ඇවිදගෙන ගෙවල් පැත්තට යනවා නම් අහනවා "ගෙදර යනවද කියලා?" උත්රය "ඔව්" හැබැයි අහන කෙනා හොදටම දන්නවා අපි යන්නේ අපේ ගෙදර කියලා. එත් හිතවත් කමට තමයි අර විදිහට අහන්නේ

3."ලයිට් ගියා" කියලා කියනවා. කටකාර කොල්ලෙක් හිටියොත් අහනවා "කොහෙද ගියේ කියල?" එත් ඉත්න අප පුරැදු වෙලා තියෙන් "ඔව් ලියට් ගිහින්" කියන්න තමයි. එත් හරිනම් අහන්න ඔනා "කරන්ට් ගියා" හෙවත් "විදුලිය නැහැ" කියලා

4."බස් එක හෝල්ට් එකේ හිටෝලද?" ඔකත් ඉතින් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. එත් ඉතින් බස් නෙමෙයි ගස් තමයි හිටවන්නේ.

5."අද කන කොට කිදෙනේක් හිටියද?" ඔක ඉතින් පරණ කතාවක්.

6. අපිට "අරක" , "මේක", "ඒක" නැතුව කතාවක් කරන්න පුලුවන්ද? පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. [හැබැයි මේ මුතුහෙට්ට් පෙන්නපු අරක නෙමෙයි]

7."වාහනය එලෙව්වාද?" සතෙක්ද එලවන්න ....

මෙවා එකක්වත් කිව්වේ අපි අපිටම අපහාස කර ගන්න නෙමෙයි. පොඩි පරික්ෂනයක් විදිහට. තව ඉතින් ගොඩක් දේවල් තියනවා. මම මෙතන දැම්මේ වර්ග කිහිපයකට උදාහරණ විතරයි. ඔබත් තව මෙවාගේ එව්වා දන්නවනම් ලියන්න.

මැයි වෙද්දි ජවිපේ කොහෙද ඉන්නේ? හැබැයි එජාපය ඉදිරයට එනවා

අතීතයේ කල වැරදි වටහාගේන එයින් ඈත් වන්නා සේම, කර කියා ගත නොහැකි තත්වයක නැවතත් පෙර වැරදි කල හැක.

නුවර පාර අනාවැකි කියන්නකු නෙවෙයි, එහෙත් පවතින තත්වයන් තේරැම් ගෙන යම් කිසි නිවැරදි පුරෝකතනයක් කල හැකි තත්වයේ අධ්‍යයනයක් කල හැක. එවැනි එක් අධ්‍යයනක නිවැරදි බාවය "2010 ජනපතිවරණයට පුරෝකතනයක්" ඔප්පු විය. නමුත් එකට සත්‍යයයි දෙකට සත්‍යයි තුනට සත්‍යයයි හා n ට සත්‍යයි කියා n+1 ට සත්‍යයයි කිමට තරම් කුහක වන්නේද නැත.

පවතින තත්වය තුල ජවිපේ හා එජාපය වෙන් වෙන්ව තරග කරන බව සක්සුදක් ලෙස පැහැදිලිය. එයිනුත් සරත් හා ජවිපේ හංසයා ලකුණෙන් තරගකරනු නෙඅනුමානය. නමුත් සරත් ජවිපේ බොරැව නාම යෝජනා බාරදිමට පෙර තෙරැම් ගතහොත් එජාපය සමග එකතු වනු ඇත. එජාපයේ අලියට කතිරය ගැසු කිසිවෙක් මහමැතිවරණයේදි හංසයාට කතිරය නොගසයි. නමුත් දුෂණයට අල්ලසට විරද්ධව සරත්ට කතිරය ගැසු එජාප පාක්ෂිකයන් නැවත අලියට කතුරය ගසන්නේ නම් එය ආත්ම වංචාවකි මන්ද සරත්, රවි මුලීක කරගත් හොර නඩයට වඩා වැඩි ගුණාකරයකින් වටින්නේය. සරත් ජවිපෙන් ආවොත් එජාපයේ සැලකියයුතු දැඩි නොවු චන්ද ගණනක් හංසයට යනු ඇත. එය හුදෙක් සරත් සදහා මිසක් ලිංමැඩි ජවිපේ නිසා නොව.

කාලයක් තිබුණා තරැණ කැල රතු පාටත් සමග එක්ව ගිය යුගයක්. එයට හේතුවක් තබුණි. මන්ද මොවුන් රට ජාතිය ගැන කතා කරන අතර එවා සමාජ ගත කිරිමට පත්තර කිහිපයක් බෙදා හැරිය. එවා රහසේ තරැණයන් අතර කියිවිමට ලක්විය. එලෙසම තරෑණ රැඩිකල් මත වන උද්ගොෂණ, රැස්විම්,සමාජිය වැඩ සමග තරැණයෝ අත් වැල් බද ගත්හ. නමුත් දැන් සමාජය ඊට හාත් පසින්ම වෙනස්ය. දැන් තරැණයින් ජංගම දුරකතන, අන්තර් ජාලය භාවිතා කරයි. එහෙයන් අර ජවිපේ රහස් පත්තර වලට දැන් බොරැ දේශෙ ආලයක් ගොඩ නගා තරැණ පෙළ එක් කල නොහැක. තරැණ සමාජය අද ගනුදෙනු කරනුයේ ලෝකයත් සමගය. එහෙයන් ඔවුන්ව බොරැ උද්ගොෂණ වලට සත්‍යගුහ වලට හසු නොවෙයි. තමුන් කරන්න යන දෙය දෙපාරක් සිතයි. එය මෙවර මැතිවරණයෙන් මොනවර පැහැදිලි විය. උදහරණයක් ලෙස සිංහල බ්ලොග් කරණය තුල ජවිපෙයට කිසිදු සාහායක් නොලැබිණි. ජවිපෙට ලිපි වලටත් පිළිතුරැ සැපයුයේ එජාප හිතුවතුන්යට. එලෙමස "මුහුණු පොත" තුල ජවිපයක ලකුණක්වත් පෙන්නට නැත. හෙතුව දැනට ජවිපේ ඉන්නා සහෝදරයන් දන්නේ පොස්ට්ර් ලිවිමටත් ඇලවිමේ තාක්ෂනයත් පමණි. එකල එය හොද මධ්‍යයකි. එවන් එක් උදාහරණයක් පහල සටහන් කරනේමු.

ජනපති රණසිංහ සමයේ,ජවිපේ පොස්ට් තාක්ෂණය ඉහලම තලයේ තිබුණි. ඔවුන් එකල යොදාගත් එක් උපායක් වුනුයේ ඔවුන්ගේ හා රණසිංහ මහතා ගේ රැව රැගත් පොස්ට්ර් දෙකක් ගසයි. රැට පොස්ට ඇලවිමට යයි. පොලිසිය හමු වු හෝ පෙන්නට ගහන්නේ රණසිංහ මහත්තයාගේ පොස්ටයයි. හැබැයි යට්න් ඇත්තේ ජවිපේ පෝස්ටරයයි. එන්ම්, මුලින් ජවිපේ පෝස්ටරය පාප්ප ගා තාප්පය අලවා, ඉන් උඩින් වතුර ගා රණසිංහ මහතාගේ රැව අලවයි. පොලිසියත් රැවටෙයි. නමුත් පහුවදා උදේ වනවිට රණසිංහ මහතාගේ රැව රැගත් පෝස්ට්ර් ගැලිවි[අව්වට වතුර වාෂ්ප වි වතුරෙන් ඇලවු පෝස්ට්ර් ගැලවියයි] හොස් ජවිපේට අවැසි පණිවුඩය සමාජ ගත වි ඇත.

ඔවුන්ට පෝස්ටර්,උද්ගෝෂන, සත්‍යගුහ වලින් තොර ජිවිතයක් නැත. සිටිනුයේ ලිදේ සිටිනා ලංමැඩියකු සේමය. එහෙත් එජාපයේ තරැණ කැල ඊට වඩා ඉදිරයට ගොස් ඇත. උදාරණයක් ලෙස දැන්මම සජිත් මහතා වෙනුවෙන්, මිතුරන් රාශියක් කැටි කොටගත් සමාජ තලයක් පිහිටුවාගෙන ඇත. එම නිසා එජපයේ තරැණ කැලට, ජවිපේ මොළසොදාගත් තරෑන පෙල තමුන්ට ඔනා හැටියට නැටවිය හැක.

මෙර පැවති මැතිවරණයේ තරැණ චන්ද වැඩි ගණනක් මව් බිම වෙනුවෙන් භාවිතය ගැනින. මෙය ජවිපේ අයත් හොදින් දනි. එහෙයින එලඹෙන මහ මැතිවරණයේදි ජවිපෙට ආසන 5 කට වඩා නොපැමිනෙයි. එදාට ජවිපේ ගමන් මග ඇන හිටි. රටක තරැණ පෙළ හොදින් මෙහෙයවිමට හැකියා තිබු ජවිපේ දැන් වල පල්ලට යමින් තිබෙනුයේ, නිවැදරි තිරණ නිසි කලට නොගත් හෙයිනි. දැන් එම වැරදි නිවැරදි කිරිමට කාලයක් නැත. ඔවුන්ට අනාගතයක් නැත.

මෙවර මෙම ලිපියට සටහනක් දැමිමට එකදු ජවිපේ තරෑණයෙක් නොහිටියෝත නුවර පාර ලෙස එය ගැන පුදුම නොවනු ඇත. නමුත් හෙට පාරක තප්පයක් මත නුවරපර දුෂිතයි කියා පෝස්ටරයක් තිබෙණු ඇත.

වැදගත්
මෙවර ජනපතිවරණයෙද් ජවිපේ හා එජාප එකතුවට විරැදධව බුලත් කොලයට කතිර ගැසු හා තම චන්දය නොදුන් පුද්ගලයන් අලියට කතිරය ගසා ලක්ෂ 41 ට වඩා වැඩි චන්ද සංඛ්‍යවක් ගනු ඇත.

අසැබ් අන්තර්ජාල අඩවි තහනම

වැඩේ ටිකක් පරනයි. එත් ලියන්න හිතුනේ http://kandyroad.blogspot.com/2010/02/blog-post_8658.html#comments යන ලිපියට Percy විසින් ලියන ලද සටහනයි.

කට්ටිය දන්නව ඇති චීනයේ ගුගල් හා විකිය තහනම් කියන කාරනවා. එවගේම මැදපෙරදිගත් යම් යම් තහනම් සිද්ධවෙනවා. කතාවක් යනවා "මුහුනු පොතටත්" ලංකාව තුල කණ කොකා හඩලයි කයලා.

මුලින්ම කියන්නම් නුවරපාර ලංකවේ මෙ තහනමට කැමති නැහැ. මොකද ලියන මාත් ඔය තහනම් කරපු "නල අටේ" පේක්ෂකයෙක් වෙලා හිටියා. හැබැයි මට ඔන හින්දා නෙමෙයි තහනම් කරන්න එපා කියන්නේ.

වර්තමාන ලෝකය තුල අපි මාධ්‍යය විදිහට විවිධ වු මාර්ගයන් තෝරාගන්නවා. මෙයින ඉතා ආකර්ෂණිය වනුයේ රැපවාහීණිය අන්තර් ජාලය හා ජංගම දුරකතනත්ය. මෙයින් රැපවාහණිය පමණක් එක් ස්තානයක් වැඩි නරඹන්නන් වර්ගීකරණයට ඇතුලත්වෙයි. නමුත් අන්තර්ජාලය හා ජංගම දුරකතනය එක් අයෙක් වැඩි සම්පත් උකහා ගත හැකි වර්ගීකරණයට ඇතුලත්වෙයි. ඉතින් රැපවාහිණයට යම් යම් තහංචි පැන විය හැක්කේ එය භාවිත කරන ගණන ඉතා විශාල වීමයි. නමුත් අන්තර් ජාලය හා ජංගම දුරකතනයට එසේ තහංචි පැණවිම කල්පිත නොවෙයි. මන්ද යත් අවැසි කෙනා පමණක් මෙවා තුල සැරිසරයි. කවුරැත් බලෙන් ගෙන නොයයි. නමුත් මෙය එක පැත්තක් පමණි.

පාසල් හා ළමුන් අතරට නිසි වයසට කලින් මෙම අසැබ් දේ ගොඩවිම යනු ඔවුන් මානසිකව විකෘර්ති තත්වයකට පත් කරයි. හැබැයි ඉතින් නුවර පාර ලියන එකත් පොඩි කාලේ චිතු කලා පත්තර කියෙව්වේ හැංගි ගැංගි. එව්වා ඉතින් තුනවෙන් පන්තියේ එව්වා නෙමෙයි බලපු අය ද්නනවානේ, වල් කතාවක් ලියලා කිස් කරන පින්තුරයක් දානවා. හැබැයි ඉතින් තුන්වෙන් පන්තියේ එව්වත් හම්බුඋනා. නමුත් දැන් අන්තර්ජාලය හරහා පාසල් ලමුන්ට ඔන දෙයක් බලන්න පුලුවන්. සමහර අඩවි තහනම් කිරිමට ආණ්ඩුව පියවර ගත්තත්. වැඩ දන්න එකා ඔව්වා රිංගනවා. එහිනද් එ තහනමෙනුත් වැඩක් නැහැ. නමුත් සාමන්‍ය ලමයිනට ඔව්වාට යන්න බැහැ. හැබැයි තව දෙයක් වැඩ දන්න එකා ඔව්වා පස්සේ යන්නේ නැහැ ඔහුට ඊට වඩා වදගත් දේවල් තියනවා අන්තර්ජාලයත් එක්ක කරන්න.

නුවර පාර හිතන විදිහට දෙමාපියන් මෙ පිළබද වැඩි උනන්දුවක් දක්විය යුතුයි. අඩුම ගනේ කොල්ලා පරිගනයක ඉස්සරහට වෙලා මොකද කරනනේ කියලා ඔලුව දාලවත් බලන්න ඔනා. එවගේමයි ජංගම දුරකතන. ඇමතුමක් ගන්න එස්එම්එස් එකක් ගහන්න අයි ෆොන් ඔනා නැහැ කියලා දෙමව්පියෝ දැන ගන්න ඔනා. හැබැයි මෙකේ නරක පැත්ත තියෙන්නේ ගැහැණු ලමයි එක්ක.

Friday, February 5, 2010

විශ්ව ගම්මානයට ලංකාවෙන් මොනවාද?

කවුරැත් කියන්නා පරිදි දැන් තියෙන්නේ ගෝලීයකරණය වු මිනිස් සමාජයකි. එය සත්‍යක්ද? නෙඑසේනම් ඇයි? නැත්නම් මෙ වචනය නොතේරේත්ද?

ගොලීයකරණය නිර්වචනය කරඇත්තේ:
ආර්ථික,සමාජීය, ආගමික හා වෙනත්, ඒ ඒ සමාජමට්ම් තුල වු සම්මතයන් අනෙකුත් සාමජිය තල හා හුවමාරැ කරගැනීම හෝ එවාට අනුගත වීම ලෙස ගොලීයකරණය ඉතා සරලව අර්ත ගැන්විය හැක.
මා වැරදි නම් නිවැරදි කරන්න

දැන් බලමු මෙය පවතින ලොව තුල යතාර්තයක්ද? එනම් ගොලීයකරණය යනු සත්‍යක්ද? ඔව් හැබැවටම එහි අර්තයෙන්ම ලොව සියලු සමාජීය මට්ටම් ඔස්සේ ගලායන්නේ නැම් මෙය සත්‍යකි.නමුත් මෙය පවතින ලොව තුල යතාර්තයක් නොවෙයි. තවත් ඉදිරියට සාකච්චාව ඉදිරියට ගෙනයාම සදහා ගොලීයකරණය හා සැබැදි අනික් වචනය වු විශ්ව ගම්මානය හදුනා ගනිමු.

විශ්ව ගම්මානය නිර්වචනය කරඇත්තේ:
ලොව එකම සන්නිවෙදන මධ්‍යස්තනයක් ලෙස හා ඉතා වේගවත්ව තොරතුරැ හුවමාරැව.
මා වැරදි නම් නිවැරදි කරන්න

හිතන්න මෙකට නම තියලා තියෙන්නේ ගම්මානය කියලා. මෙකට නගරය කියලා දාලා නැහැ. හේතුව තමයි. ලොවට දිය යුතු දේවල් තියෙන්නේ ගම්මාන තුල. නැතුව නගරයේ නෙමෙයි.

අපේ රටට අදාලව අප ගොලීයකරණයට හා විශ්ව ගම්මානය කියන තත්වයට සුදානම්ද? සත්‍යය ලෙසම දැන් දැන් ඒ සදහා අප මුලයන් පාදාගනිමින් සිටියි. අපටම ආවේණික සාමාජීය,ආගමික හා සංස්කෘතියක් ඇත. එලෙසම අනික් රටවලටද ඔවුන්ටම විශේෂ වු සම්මතයන් ඇත. අප විශ්ව ගම්මානය හෝ ගොලීයකරණය තුල ලොවට ගෙනයා යුතතේ හෝ හුවමරැ කරගත යුත්තේ අනුගේ දෙයක් නොවන බව කාටත් පැහදිලි සත්‍යයකි. නමුත් දැන් ලෝකයට ලංකාවෙන් ගෙනියන්නේ වෙනත් රටකින් කුලියට හෝ හොරෙන් ගත්ත සංකල්ප හා සම්මතයන්ය. ඉතින් අනික් සමාජයන් අපව පිළිගන්තද? නැත කොහෙත්ම නැත. මන්ද අනුන්ගේ දෙයක්ට ලෝකය තුල ඉඩක් නැත. එහෙයනි ලෝකයට රැගෙන යා යුත්තේ අලුත් හෝ අපට ආවේණික වු දේවල්ය.

ඒ සදහා අපේ සමාජය තවමත් සුදානම් නැත. තාමත් අප කරපින්නාගෙන් යන්නට උත්සාහ දරනුයේ වෙන්ත සාමාජයන් මුලයන්ය. අපිට අපේ කියා දෙයක් ඇත. නමුත් අපේ කම දැන් වසාගෙන් වෙනත් සමාජතලයක් උඩුදුවමින් සිටියි .එමනිසා අපේ මුලයන් සොයගෙන ගොස් එම ලක්ෂණ ලොවතුල බෙදාහැරීම අප සතු යුතුකමකි.

උදාහරණයක් ලෙස දැන් අපටම විශේෂ වු යුධ උපායන් ඇත. එවා අන් රටවල් විශ්මයට පත් කරන්නා වු නියමයන්ය. ඉදින් අපි අඩුම ගනේ මෙයවත් ලොවට දායාද කල යුතු නෙවේද? අපේ වාරි තාක්ෂණය ලොව මවිත කරයි. නමුත් එවාට අපේම අය ගරහයි. ඒ කාලේ වැව් හැදුවට දැන් මොකටද වැව් කියලා අහනවා? අපිටම වු වාස්තු තාක්ෂනයක් ඇත. නමුත් දැන් අපි චීන විදහට අනුගත වී ඇත. වෙනත් රටවත් ගොලීයකරණය හා විශ්ව ගම්මානයෙන් තම ගමන වේගයෙන් යන විට, ලංකාවේ අපි කට බලියං බලා සිටියි. අපේ සිතුවම් කලාව අපේ නටඹුන් මෙවා කිසිවක් තාම අපි ලොවට දායද කර නැත. සියල්ම පසෙකලා අනුන්ගේ දෙවල්ම අගයයි. එවාටම සම්මාන පුදයි. ඉතින් අපිට අනාගතයේ ලෝකය සමග ගනුදෙනු කල හැකද?

වැදගත් දෙයක්
මම එක සිංහල ලිපියක කියෙව්වා. සිංහල අක්ෂර මාලාව ලොකයේ හොදම හොඩි පෙළ ඇතුලේ තිබුණා කියලා. කවුරැ හරි දක්කොත් ඒ බැදිය අයිත් කමෙන්ට් එකක් විදිහට දාන්න. දැන් බලන්න ඒ පොඩි උදාහරණය, අපිත් ඉංගිරිසි හෝඩිය අරන් ගියානම් අපිට ඔය තත්වය ලැබෙනවද? එත් අපේ බොහෝ කට්ට්ය කරන්නේ ඉංගිරිසි හොඩිය උස්සන් යන්න දගලන එක. එහෙම උනාහම ඉතින් අපිට වෙන්නේ පැත්කට වෙලා බලං ඉන්න තමයි. එක් ඉතින් සමහර විට අපේ අධ්‍යපණ රටාවේ වැරැද්දක් වෙන්න ඇති.

එලෙස ඔබ දන්නා තවත් උදාහරණ ඇතන්ම් කියන්න ....