ඕනෑම පිළිගත හැකි වෙනස්කමට හිස නමමි.
සිංහල බ්ලෝග් කරණය තාම ගොඩනැගෙමින් පවතින කලාවකි. සිංහලෙන් අකුරැ කල අපට අලුත් අද්දැකිමකි. අපි සිංහල බ්ලොග් කරණයේ නවමු මං මාවත් තවමත් සොයා බලමින් හා අත්හදා බලමින් සිටිමු. පසුගිය කල එක්වු දේශපාලන ලිපි සිංහල කරණයතුල අමුතු අලංකාරයක් හෝ එපා විමක් ඇති කරන ලදි. බොහෝ දෙනකු එපා විමක් ගැන කිව්වත් ඒ බොහෝ දේශපාලණ ලිපි ගොඩ දෙනෙක් කියවන්ට ඇති බව විශ්වාසයයි.
දැන් සිංහල බ්ලොග් කරනය අලුත් පිම්මක් පැන ඇත. මෙය වු කලී ලිපියකට පිළිතුරැ ලිපියක් ලිවිමේ කලාවයි. නුවර පාර මුල් වරට මෙය හැදින ගන්නේ "ලංකාව බහු {ජාතික, සංස්කෘතික, ආගමික} රටක්ද?" යන ලිපිය මගිනි. සමහර විට [මෙම නව මග මීට පෙරද තිබෙන්නට ඇත එසේ තිබණේ නම් නිවැරදි කරන්න]. මෙම ලිපියට පෙර මෙ ගැන ලිය තුබුනේ උරැමය බ්ලොග්යේ http://manojcola.blogspot.com/2008/10/blog-post_23.html යන ලිපිය මගිනි. එහෙත් එය බොහෝ පැරණි 2008/10 වෙනි මස ලියු ලිපියකිනි.
නමුත් ඊට වසර ගනනාවකට පසු නුවර පාර ලියු මෙම අලුත් ලිපියට මුල්ම පිළිතුරැ ලිපිය ලියනුයේ නැවතත් උරැමය බ්ලොග්යේ http://manojcola.blogspot.com/ මගිනි. පුලස්තිගෙ සටහන මගින් http://pulasthigetheeruwa.blogspot.com/2010/02/blog-post.html ලිපිය දෙවන වරට පිළිතුරැ ලිපියක් ලියයි. එහෙත් නුවර පාර මතයට විරැද්දව ලිපියක් ලෙස එය අර්ත ගැන් විය හැක. එලෙස තවත් ලිපියක් පන්හිඳ සමඟ මහින් http://panhinda-samaga.blogspot.com/2010/02/blog-post.html ලිපිය එක් කරන ලදි. ඔය සෑම ලිපියක්ම එකිනෙක වෙනස් වුවත් මුලීක කරනය ලෙස බහු යන්න චිචාරයට ලක්කර තිබුණි. මෙම නව ආරක සිංහල බ්ලොග් කරණයේ මුල්ම සම්මානය උරැමයට හිමි වනු ඇත.
තවත් එක් උදාහරණයක් ගෙන හැර දක්වන්නෙමි. එනම් නුවර පාර තුලම ලියන ලද "සම තැන හොයන්න ගිහින් හිමි තැනත් නැති කරගත් අපේ ගැණු" ලිපියට අලුත් අර්තකතනයක් සිහිතව තරිදු විසින් http://mihisara.net/achchaaru/2010/02/ පිළිතුරැ ලිපියක් ලියනුයේ බුදු දහම එක් කරගනිමිනි. තවත් එය වෙනත් අතකට අර්ත ගන්වමින් තවත් පිළිතුරැ ලිපියක් අනන්තය ලියුම් කරැ http://ananthayata.blogspot.com/2010/02/blog-post_08.html එක් කරන ලදි. මෙ කලාව ඉතාම වටිනා දෙයකි. මන්ද මුල් ලිපියේ අඩු පාඩු හා සටහන් උපයෝගියෙන් දෙවන ලිපිය සාර්තකවද, තුන්වන ලිපිය ඊටත් වඩා සාර්තක ලෙසද ඉදිරිපත් කිරිමට හැකි වනු ඇත.
මෙම ලිපි ලියු කිසිවකු තමුන්ගේ අදහස් හොරා ගත්තා යයි නොකියනු නොඅනුමානය. මන්ද එකම කරැණ විවිධ පැතිකඩයන් ඔස්සේ විමර්ෂණයට ලක්විම, ලිපි ලියන කා කියවන කාටත් වැඩ දායක වනු ඇත. මෙවන් සදාචාර සම්පන්න ගමනක් යා හැකි බව දැන් මනා කොට පෙන්වා දීමට අප කාටත් හැකි වි ඇත. එකග මත හෝ විරැද්ධ මත දැරැවත් මා මෙම කරෑණ උලුප්පා දැක්විමට උත්සා කලේ මෙය කවුරැත් දැන ගතයුතු කාරනාවක් නිසාමය. තවද අලුතේන් ලියු ලිපිය පරණ ලිපියද මතක් කර තිබීම විශේෂ තත්වයකි.
තවත් උදාහරණ ඇත්නම් දක්වන්න ...
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by a blog administrator.
ReplyDeleteඇත්ත.. ඒක නම් හොද වැඩක් තමයි
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමේ කලාව මේ තරම් සාර්ථකව නැතත් මීට කලින් තිබ්බ. ටැබූ, beyondframe,පන්හිඳ සමග මම දන්න තරමින් පිලිතුරු ලිපි ලියපු අය. ඒත් අද වගේ පැතිරිලා තිබුනේ නෑ. හොඳ ප්රවණතාවයක්
ReplyDeleteනුවර පාර මෙච්චර කල් කොයි ලෝකෙ ද හිටයෙ
ReplyDeleteනුවර පාර මෙච්චර කල් කොයි ලෝකෙ ද හිටයෙ
ReplyDeleteඔයා රැයන්නෙයි රුයන්නේයි වෙනස දන්නේත නැතුවද බොලෝඔිඔිඔිග් ගහන්ඩ එන්නේ
ReplyDelete