Wednesday, January 6, 2010

19 වෙනිදා අතට ගත්ත ජාතික කොඩියට මොකද උනේ?

දැන් දැන් දේශපාලනවෙදිකාව දිහා බලපුවාහම පේනවා යුද්දේ තිබුනානම් හොදයි කියලා. මොකද ගිය මැයි 19 දිනා වෙනකල් එකා වගේ ඔක්කොම මොන ගැටලු තිබුණත් යුද්දය කියන කාරනවේදි එකට ඉදලා ජය ගත්තා. එකට අපි කවුරැත් අපිට පුලුවන් විදිහට සහයෝගය මෙ ලබාදුන්නා. දැන් මුලු රටම දෙපැත්තකට බෙදිලා එදිරිවාදියගේ දුර්වලකම් දුෂන වංචා පුද්ගලික ජිවිතය ඔක්කොම එලියට දානවා. කවුද මෙකෙන් වාසි ලබන්නේ? රටට ද ජනතාවද? අපිට කෙලවෙනකම් බලන් ඉන්න උනද?

අද 2010/01/06 ලැබුණු තොරතුරැ අනුව දෙමළ ජාතික සංදානයේ සහායත් සරත් මහත්තයටල ලැබිලා. එගොල්ලො කියන විදහට මහිනද මහත්තයා සමහර කරැනු වලට එකග නොවුනු හින්දා තමයි සරත් මහත්තයට සහයෝගය දිලා තියේන්නේ. මත් ඉතින් පොඩ්ඩක් හොයලා බැලුවා මොනවද මෙ කරැනු කියලා. අනික ඔනම කෙනෙකු දාන්වා දෙමළ ජාතික සංදානය එල්ට්ටි තියන කලේත් එකට උදව් කලේ එලිපිටමයි කියලා.

අධි ආරක්ෂිත කලාප ඉවත් කිරිම
එල් ටි ටි සැකකරැවන් නිදහස් කිරිම
උතුර නැගෙනහිර එක් කිරිම
එක්සත් රටක් බිහි කිරිම
මෙවාතමයි ඉතින් එලිපිට තියන එවා තව මොනවා ඇතුලේ තියනවාද කියලා දන්නේ නැහැ? මොකද එකගතා ලියවිලි නැහැනේ ..


දැන් කාටත් තේරැන්ගන්න පුලුවන් අපි ඉහත කාරනා ටික නේද පහුගිය මැයි 19 දා මෙ මව් බිමෙන් අයින් කෙලේ කියලා. මෙකට ඉතින් වැඩි බරක් දිලා කටයුත කලේ සරත් මහත්තයා. එත් ඉතින් දැන් මෙ මනුස්සයම තමයි අයිත් මෙටික නැතිකරන්න කටයුතුනරන්නේ. ඇයි මෙහෙම උනේ? මෙකට ඉතින් දෙපැත්තේ අය දෙවිදිහකට උත්තර දේනවා. සරත් මහත්තයගේ කට්ටිය කියන්නේ පවුල් පාලනය අයින් කරමු කියලා. අනික් කට්ටිය කියන්නේ අයිත් මව් බිම පාවා දේන්නා එපා කියලා. දැන් දැන් මෙ දෙකෙන් වඩා වැගත් වෙලා තියේන්නේ අපේ මව් බිම කියන කාරනාව. මොකද පවුල් පාලනය නැතිකරන්නත් අපිට එකීය රටක් තියෙන්න ඔනා. අමාරැවෙන් ඔක්කොම එකතුවේලා ගත්ත දේ අයිත් නැති කරගන්න හදන ඉක්මන.

දැන් නම් අපිට අපේ මව් බිම ගැන අයිත් අමුතුවේනම හිතන්න වෙලා මොකද දැන් යන විදිහට දෙමළ මිනිස්සු ඔක්කොම වගේ සරත්ට චන්දය දෙයි. උතුරට නැගෙන හිරට මොන සංවරධනය දුන්නත් එකට්ටිය අහන්නේ එයාලාගේ නායකයෝ කියන දෙවල් තමයි. එහින්දා අනිවා උතු නැගෙ දෙමළ ජන්ද ඔක්කොම සරත්ට තිමයි. බොහොවිට මුස්ලිම් ජන්දත් ගොඩක් සරත්ට වැටෙයි. ජන 26 සරත් දිනලා විදායකය මාස 6න් ඉවර කරලා රනිල්ට විධායක අගමැති කමට පාර කපලා එයා යයි ඇමරිකාවට. ඊටපස්සේ ඉතින් බටහිරට ගැති රනිල් තමයි රටෙ පාර කියන්නේ. එයා කරන වැඩ ඉතින් අමුතුවේන කියන්න ඔනා නැහැ මොකද දොන් ජුවන් ධර්මපාල මිට වැඩිය හොදයි.

එකඅතකට සරත් තමයි දිනන්න ඔනා. මොකද එතකොට ඔය ජේවීපි එකට කරන්න දෙයක් නැතුව උන්ම තමයි අයිත් ජාතික කොඩිය අතට අරන් රනිල්ව එලවන්න හදන්නේ. අපිට එදාට බලන්න පුලුවන් අනුර/ටිල්වින් මොකද කියන්නේ කියලා. අපිට ඉතින් අපේ කතිරය රටට වෙනුවෙන් දෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මොකද මෙ ලිපිය කියේව්වා කියලා සරත්ට ජන්දේදෙන අය ඔහුට නොදි ඉන්නවත් මහිනදට දෙන අය අයිත් සරත්ට දේන්න කටයුතු කරයි කියලාවත් හිතනුන අමාරැයි. ගොඩදේනේක් මෙවෙනකොට තිරනය කරලා ඉවරයි තම තමුන්ගේ කැමැත්ත. අනික විශෙෂයේන සිංහල බ්ලොග් කියන ලියන කට්ටිය.

හුදේක් මට හිතෙන දේ පමණි

8 comments:

  1. ඔබ ලියා තිබෙන කරුනු 4න් 2ක් වැරදියි.
    එක්සත් රටක් බිහිකිරීම හෝ උ නැගෙනහිර එක් කිරීම ගැන කිසිදු එකගතාවයක් නැත.

    http://news.bbc.co.uk/2/hi/south_asia/8440784.stm

    අවැතැන් අයගේ ප්‍රශ්නය ජන ජීවිතයට බාධා වන ලෙස පිහිටුවා ඇති අධි ආරක්ෂිත කලාප ගැන ප්‍රශ්නය හා සාක්ෂි රහිතව රදවා සිටින දෙමල තරුනයන්ගේ ප්‍රශ්නය ගැන එකගතාවයක් ඇති ව තිබේ.
    (කොටි සැකකාරයන් නිදහස් කරනවා යන්න බොරුවකි.සාක්ෂි නැතිව නිරපරාදේ රදවා සිටින අය නිදහස් කිරීම සිදුවන අතර මෙය දෙමල සන්ධානය නිසා හදිසියේ ආ තිරනයක් නොව පොදු අපේක්ෂකයා ඉදිරිපත් වූ මුල්කාලයේම ආ තීරනයකි.
    මේ කාරනා වල වරද මොකක්ද?
    ඊපිඩිපි සංවිධානය හා රජය අතර ඇතිවූ එකගතාවේ නම් දේශපාලන විසදුම් ගැන කතා කොට තිබේ.දෙමල ජනයාගේ නිජබිම ලෙස උතුර නැගෙනහිර පිලිගන්නා බවද ඉන් සහන් කොට තිබේ.
    ඒව පාවාදීම් නම් බලන් යද්දි ඇත්ත පාවාදීඹ කොරල තියෙන්නෙ මහින්ද මිස සරත් නොවේ.
    අවිචාරයේන රජයේ බොරු ගිල නොදමා ඇත්තටම සිදු ව ඇති දේ විචාරයෙන් දැක ඒ ගැන ලියන්න උත්සාහ ගන්න
    ඔබට ජය!

    ReplyDelete
  2. @Ninada Hiranya U r asking us to trust BBC? C'mon man! Every1 knows abt BBC... :D

    ReplyDelete
  3. ඇත්ත පාවාදීම මහින්ද කොරල නම් මහින්ද ඔය හැම හත් ඉලව්වක් ම දෙනවා නම් අහවල් මඟුලකට ද දන්නේ නෑ නේද මේ තරම් කල් මරලා ෆොන්සේකාගේ කටින් අර කතා ටික එළියට එනකම් ඉඳලම TNA ලොක්කා එයාගේ සහයෝගය ප්‍රකාශයට පත් කොළේ.

    මේක ලිවුවේ බනින්න නෙවෙයි. බුද්ධියෙන් තේරුම් ගන්නටයි. අපට මේ පාර වැටුණොත් ආයේ කාලෙකට නැගිටින්න වෙන එකක් නෑ පුතෝ. ඒ නිසා තමන් මැදිහත්ව හිතලා බලලා තීරණයක් ගන්න. මේ තරම් කල් තට්ටු මාරු ක්‍රමය අපට හොඳක් කරලා නෑ.

    http://lankanthoughts.blogspot.com

    thejan rathnayake

    ReplyDelete
  4. @ thejan ratnayaka
    මෙහි කර්තෘ ඔබ යැයි සිතමි.ඔබේ පිලිතුර පැහැදිලි නැත.
    1.ඊපිඩිපි සංවිධානය සමග රජය අර වගේ එකගතාවයකට ඇවිත් තියෙනවා කියල ඔබ දන්නවද?මෙවර චන්දෙදි ඒ සංවිධානෙ ආන්ඩුවට උදවු කරන්නේ ඒ පදනම උඩ කියල ඔබ දන්නවද?ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
    2.දෙමල සන්ධානය සමග ආවා කියන එකගතාවය ගැන ඔබේ ලිපියේ තිබෙන කරුනු සාවද්‍යයි.බොරු ලියන එක හරි නැහැනේ.පිලිගන්න පුලුවන් මූලාශ්‍රයක් එක්ක මගේ උත්තරේ දුන්නම ඔයා වගේම හිතින් හිතාගත්ත කොන්දේසි ලිව්ව තව බ්ලොග් එකක ලින්ක් එකක් දුන්නට හරියන්නේ නැහැ නේද?ඔබ කියන කොන්දේසි වලට ෆොන්සේකා එකග වු බව පිලිගත හැකි ස්වාධින මූලාශ්‍රයක් ( ආන්ඩුවට කඩේ යන ගොං සයිට් හැර) ඇසුරින් පෙන්නන්න කියල මම ප්‍රසිද්ධියේ අභියෝග කරනවා.එහෙම සාධක ඇතිව කතා කරන්න බැරි නම් බොරු නොකිය හිටිය නම් නේද හොද?

    @ ඇනෝනිමස්
    බීබිසි එකට මේ ගැන බොරු කියන්න තියෙන උවමනාව මොකක්ද කිව්ව නං?බීබිසි වගේ ආයතන වල ඇතැම් ක්‍රියාකලාප ගැන ගැටලු තිබුනත් එවැනි ආයතන අපේ ජාතික රූපවාහිනිය වගේ ගල් පැලෙන බොරු අත්හරින ආයතන නෙමේ.ජාත්‍යන්තර ජනමාධය ප්‍රමිතින් ගැන අධ්‍යනය කල අය ඒවා නිසගයෙන් යටත් වෙලා තියෙන ප්‍රජාතාන්ත්‍රික සීමාවන් ගැන දන්නවා.

    ReplyDelete
  5. @ Ninada Hiranya

    මම? මොකේද ?
    නුවර පාරෙද? නැහැ. ඔබට කිව යුතුයි. මම මේ වගේ බ්ලොග් ලියන්නේ නැහැ. (මේ මගුල ලියන මිනිහා කිසි විස්තරයක් තමන් ගැන දාලා නැති එක මම දැනුයි දැක්කේ. මම කලේ කියවපු post එකකට comment එකක් දැමීම පමණයි.)

    ඔබ පැවසු blog එක නම් මගේ.

    ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ඊට පහල තියෙන anonymous comment එකෙන් ලැබිලා ඇති.

    @ ඇනෝනිමස්
    බීබිසි එකට මේ ගැන බොරු කියන්න තියෙන උවමනාව මොකක්ද කිව්ව නං?බීබිසි වගේ ආයතන වල ඇතැම් ක්‍රියාකලාප ගැන ගැටලු තිබුනත් එවැනි ආයතන අපේ ජාතික රූපවාහිනිය වගේ ගල් පැලෙන බොරු අත්හරින ආයතන නෙමේ.ජාත්‍යන්තර ජනමාධය ප්‍රමිතින් ගැන අධ්‍යනය කල අය ඒවා නිසගයෙන් යටත් වෙලා තියෙන ප්‍රජාතාන්ත්‍රික සීමාවන් ගැන දන්නවා.

    ReplyDelete
  6. @Thejan
    @Ninda

    මෙම බ්ලොග්ය තේජාන්ගේ නොවන බව මා තරයේ කියාසිටින අතර මාගේ අනන්‍යයතාවය කිසිකෙනෙකුට අනවශ්‍යය බවද මෙයන් දන්වා සිටිමු. කෙසේ වෙතත් මෙය කියවු හා කමෙන්ට් දැමු ඔබ සියලලන්ටම ස්තුතියි

    ReplyDelete
  7. මම හිතන්නේ සින්හලයා කොටින්ගෙන් කෑවා මදි කියලා. මොකද
    අපේ මිනිසුන්ට තවම තේරිලා නෑ.

    ReplyDelete
  8. අඩුම ගනනේ දේශපාලනය පැත්තකින් තියල තම තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරල බලන්න මේ ත්රස්තවාදය අපට කෙතරම් හානි කරාද ?කෙතරම් ජීවිත විනාශ කරාද ? කියල...
    ඉතින් දෙවියනේ.............. කව්ද අකමැති කොටි විනාශ කරාට?....
    විපක්ෂය ගැන මේ රටේ තියෙන මතය තමයි ඔවුන් කොටි හිතවාදීන් කියන එක ...
    ඒක ඇත්තක් වෙනව පහුගිය දවස්වල කරපු ප්රකාශ දැක්කම..
    අපිට මතකයි යුද්ධය පැවති කාලයේ ඹවුන් කියපු දේවල්...
    අවාසනාවට ෆොන්සේකටත් ජවිපෙටත් ඒව අමතකයි....
    විපක්ෂය අවතැන් වැසියන් ගැන කැක්කුමකින් කථා කලාට ප්රභාකරන් යුද්ධයෙන් මිය යන තෙක් ලක්ෂ දෙකක ජනතාවක් තැනින් තැනට අරගෙන යමින් තමන්ගෙ ආරක්ෂාවට මිනිස් පලිහක් විදිහට භාවිතා කරමින් වෙල්ලමුල්ලිවයික්කාල් ප්රදේශය මිහිපිට අපායක් කරනකොට මේ කැක්කුම කොහේද තිබුනේ......
    ප්රභාකරන් කරපු ඔක්කොම හරි.ඇයි මේ අයටත් මරන බය තියෙනවා නේ...මේ අය දන්නවා ප්රභාකරන් වන්නියේ හිටියට කොළඹ දි ඹ්නම දෙයක් කරන්න පුලුවන් බව හැබැයි ඒ හැකියාව නැති කලේ මේ රජය ඇතුළු රනවිරැවන් කියල මේ අයට අමතකද එහෙම නැත්නම් අමතක කලාද කියල දෙයියො තමයි දන්නෙ....

    2005 අපි ඒක හරියටම තීරනට කල හන්ද අද ප්රභාකරන් අපායේ බව Dont forget !!!

    ReplyDelete